පොලිස් ලොක්කෙකු ලියපු පොතක් පොලිසිවල OIC ලට සහ OIC-Crimes ට අනිවාර්යයෙන් මිලදී ගන්න කියලා...
ඉහළ පොලිස් නිලධාරියෙක් විසින් රචනා කර මුද්‍රණය කළ පොතක් ලංකාවේ සෑම පොලිසියකම පොලීසියේ ස්ථානාධිපති සහ අපරාධ අංශයේ ස්ථානාධිපති වෙත මිලදී ගැනීම අනිවාර්ය කිරීම පිළිබඳ පොලිසිය තුළ බලවත් අප්‍රසාදයක් ඇතිවෙමින් පවතින බව පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
LSN Sri Lanka ·

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය දිනේෂ් කරුණානායක විසින් රචිත අපරාධ නිවාරණය සහ වින්දිත උපදේශනය නැමැති පොත පොලීසියේ ස්ථානාධිපති සහ අපරාධ අංශයේ ස්ථානාධිපති වෙත මිලදී ගැනීම අනිවාර්ය කිරීම පිළිබඳ පොලිසිය තුළ බලවත් අප්‍රසාදයක් ඇතිවෙමින් පවතින බව පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ පොතක මිල රුපියල් 2000ක් පමණ බවත්, ලංකාවේ ඇති පොලිසිය 600 තුළ පමණක් මේ පොතේ පිටපත් 1200ක බලහත්කාර වෙළෙඳාම පොලිස් නිලධාරීන් තුළ නිහඬ විරෝධයක් ඇති කර තිබෙන බවත් වාර්තා වේ.

“පොලීසියේ වැඩක් නම් මේක පොලීසිවලට නොමිලයේ දෙන්න තිබුණානෙ. එහෙම නැතිව මේ පොත මුදලට ගන්න කියල අනිවාරය කරලා ඇයි එක් නිලධාරියෙකුට වෙළඳපලක් හදලා දෙන්න බල කරන්නේ.“ LSN වෙත අදහස් දැක්වූ අනන්‍යතාවය හෙලි කිරීමට අකමැති නිලධාරියෙක් පැවසුවේය.

“අනුර සේනානායකත් සිංදු කියල සී.ඩී. ගහල පොලීසියට විකුණුවා. තේනබදුගෙන් පොලීසියට බේරිල්ලක් නැති උනා පොත් ගහ ගහ පොලීසියට විකුණුවා. මේ පොත පොලීසියට අවශ්‍ය එකක් නම් පොලීසියේ සල්ලි වලින් මිලදී ගෙන පොලිස් ස්ථානවලට ලබාදෙන්න. දැන් මේ බිස්නස් එක ඇති. “ ඔහු වැඩිදුරටත් කීවේය .