LSN News › Sri Lanka

ගුවන්තොටුපොළේ දූෂණවලට එරෙහි වූ නිලධාරියාගේ ස්ථාන මාරුවට එරෙහිව අද සිට PHIලා ඩෙංගු මර්දන රාජකාරීවලින් ඉවත්වෙති!

අද සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඩෙංගු මර්ධන රාජකාරිවලින් ඉවත්වීමට තිරණය කර ඇත. හෙට ඔවුහු සංකේත වැඩ වර්ජනයක් කැඳවා තිබේ. ගුවන්තොටුපල පරිශ්‍රයේ සිදුවන දූෂණ සහ අක්‍රමකතාවලට එරෛහි වූ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙක් ස්ථාන මාරු කිරීම ඇතුළු තවත් කරුණු රැසක් මුල් කරගෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තාහ.

LSN Sri Lanka · 20 August 2026

ගුවන්තොටුපොළේ දූෂණවලට එරෙහි වූ නිලධාරියාගේ ස්ථාන මාරුවට එරෙහිව අද සිට PHIලා  ඩෙංගු මර්දන රාජකාරීවලින් ඉවත්වෙති!

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පළ කරමින් අද (20) සිට දිවයින පුරා සියලුම ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. ඊට අමතරව හෙට (21) දිනයේ දී දිවයින පුරා සංකේත වැඩවර්ජනයක නිරත වීමට ද එම සංගමය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ, ඊයේ (19) රාත්‍රී රැස්වූ සිය සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවය.

කටුනායක ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ වසර ගණනාවක සිට සිදුවන දූෂණ, අක්‍රමිකතා සහ රාජ්‍ය මුදල් අවභාවිත කිරීම් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කළ ද මේ දක්වා කිසිදු විමර්ශනයක් සිදු කර නොමැති බව සංගමය පෙන්වා දෙයි. මෙම අක්‍රමිකතාවලට එරෙහි වූ ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්. මීගස්දෙනිය පරිපාලන රීතීන්ට පටහැනිව සහ සදාචාර විරෝධීව අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කර ඇති අතර, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ආසන්නතම හේතුව වී ඇත්තේ එය ය.

මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් විශේෂ ලිපියක් යොමු කර ඇති අතර, එහි ප්‍රධාන චෝදනා 08ක් ගොනු කර තිබේ.

එම චෝදනා පහත පරිදි වේ:

ගුවන්තොටුපොළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අත්අඩංගුවට ගන්නා ආහාර ද්‍රව්‍ය නීතිමය ක්‍රියාමාර්ග අවසන් වීමට පෙර අස්ථානගත වීම පිළිබඳව විමර්ශනයක් සිදු නොකිරීම.

ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ මාසික රැස්වීමේදී අක්‍රමිකතා හෙළි කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෙකු විසින් තර්ජනය කිරීම ගැන විමර්ශනයක් සිදු නොකිරීම.

ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී වෛද්‍ය නිලධාරියාගේ වැරදි පරිපාලන තීන්දු තීරණ සම්බන්ධයෙන් විමර්ශනයක් නොකිරීම.

සේවයේ නිරත වෛද්‍ය නිලධාරීන් සේවා මුරය තුළ කාර්යාලයේ රැඳී නොසිට, වෙනත් ආයතනවල මුදලට සේවය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් පියවර නොගැනීම.

ගුවන්තොටුපොළ මහජන සෞඛ්‍ය පරීක්ෂක අංක 3 නිල නිවාසය අවභාවිත කරමින් රාජ්‍ය මුදල් අපතේ හැරීම පිළිබඳව විමර්ශනයක් නොකිරීම.

ගුවන් යානා තුළ ධූමායනය සිදු කරන රසායන ද්‍රව්‍ය බහාලුම් අවභාවිතය වැළැක්වීමට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි ලබා දුන් උපදෙස් නොසලකා හැරීම සම්බන්ධයෙන් විමර්ශනයක් නොකිරීම.

කළමනාකරණ සහකාර සහ කනිෂ්ඨ සේවකයන් සඳහා නීති විරෝධීව අතිකාල සහ දීමනා ලබා දෙමින් රාජ්‍ය මුදල් අවභාවිත කිරීම පිළිබඳව විමර්ශනයක් නොකිරීම.

ඉහත කරුණු සම්බන්ධයෙන් විරෝධය දැක්වූ ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්. මීගස්දෙනිය අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීම.

පළමුව අදාළ නිලධාරියා නැවත පෙර සිටි සේවා ස්ථානයේ පිහිටුවන ලෙසත්, අනතුරුව ඉතිරි කරුණු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසත් සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ ප්‍රතිචාරය මත ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීරණය කරන බවත්, උක්ත දූෂණ අක්‍රමිකතා සාක්ෂි සහිතව ජනතාවට හෙළි කිරීමට සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.