LSN News › Sri Lanka

PSTA සහ POCA පනත් කෙටුම්පත්වලට එරෙහිව පුළුල් මහජන පෙරමුණක් ගොඩනැගීමට වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන තීරණය කරයි!

අදාළ පනත් කෙටුම්පත්වල ඇතැම් වගන්ති පමණක් නොව, ඒවායේ සමස්ත අන්තර්ගතය සහ එම නීති ක්‍රියාත්මක කිරීම තුළින් සමාජයට ඇතිවිය හැකි මර්දනකාරී බලපෑම කුමක්ද යන්න පිළිබඳව එම සංවිධාන එකතුව දැඩි අවධානය යොමු කර ඇත.

LSN Sri Lanka · 16 November 2026

PSTA සහ POCA පනත් කෙටුම්පත්වලට එරෙහිව පුළුල් මහජන පෙරමුණක් ගොඩනැගීමට වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන තීරණය කරයි!

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (POCA) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එරෙහිව ස්වාධීන වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව විසින් පුළුල් මහජන පෙරමුණක් ගොඩනැගීමට තීරණය කර තිබේ.

</p>

<p>

මෙම පුළුල් මහජන පෙරමුණ ගොඩනැගීම සඳහා වන මුල්ම සාකච්ඡාව අද (16) සවස කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

</p>

<p>

අදාළ පනත් කෙටුම්පත්වල ඇතැම් වගන්ති පමණක් නොව, ඒවායේ සමස්ත අන්තර්ගතය සහ එම නීති ක්‍රියාත්මක කිරීම තුළින් සමාජයට ඇතිවිය හැකි මර්දනකාරී බලපෑම කුමක්ද යන්න පිළිබඳව එම සංවිධාන එකතුව දැඩි අවධානය යොමු කර ඇත.

</p>

<p>

රට තුළ යුදමය තත්ත්වයක් හෝ නිශ්චිත ත්‍රස්තවාදී තර්ජනයක් නොමැති පසුබිමක මෙන්ම, සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන දැනටමත් ප්‍රමාණවත් පරිදි පවතින තත්ත්වයකදී, මෙවැනි පුළුල් මර්දනකාරී බලතල සහිත නව නීති හඳුන්වා දීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව බහුජන සංවිධාන එකමුතුව අවධාරණය කරයි.

</p>

<p>

ඒ අනුව, මෙම අණපනත් හකුළා ගැනීම සඳහා රජයට බලකිරීමේ පුළුල් සංවිධාන ව්‍යුහයක් ගොඩනැගීම අද දිනයේදී සිදුවන බවත්, ඒ සඳහා වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ සිවිල් පුරවැසියන් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් රැස්වීමට නියමිත බවත් බහුජන සංවිධාන එකමුතුව වැඩිදුරටත් සඳහන් කරයි.