PTA අහෝසි කෙරේ: ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, ජනතාව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලින් ආරක්ෂා කිරීම මෙන්ම ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරන හෝ ඊට සම්බන්ධ පුද්ගලයන් හඳුනා ගැනීම, අත්අඩංගුවට ගැනීම, විමර්ශනය කිරීම, නඩු පැවරීම සහ දඬුවම් පැමිණවීම සඳහා නව නීතිමය පදනමක් සැපයීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණයි.
LSN Sri Lanka ·

වසර 47කට ආසන්න කාලයක් ක්‍රියාත්මක වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (PTA) පනත සම්පූර්ණයෙන්ම අහෝසි කරමින්, 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ' නව පනත් කෙටුම්පත ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් මෙම නව පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, ජනතාව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලින් ආරක්ෂා කිරීම මෙන්ම ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරන හෝ ඊට සම්බන්ධ පුද්ගලයන් හඳුනා ගැනීම, අත්අඩංගුවට ගැනීම, විමර්ශනය කිරීම, නඩු පැවරීම සහ දඬුවම් පැමිණවීම සඳහා නව නීතිමය පදනමක් සැපයීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණයි.

ත්‍රස්තවාදය පිළිබඳ පුළුල් නිර්වචනයක්

මෙම නව කෙටුම්පත මගින් ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය පුළුල් කර ඇති අතර, පහත සඳහන් ක්‍රියාකාරකම් ත්‍රස්තවාදී ක්‍රියා ලෙස සැලකෙන බව එහි දක්වා ඇත:

මහජනතාව තුළ බීතියක් ඇති කිරීම සහ රාජ්‍යයකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට බලපෑම් කිරීම

• මරණ හෝ බරපතල තුවාල සිදු කිරීම සහ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීම

• පොදු දේපළ, යටිතල පහසුකම් විනාශ කිරීම සහ පරිසරයට බරපතල හානි සිදු කිරීම

• සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ පද්ධතිවලට සයිබර් ප්‍රහාර එල්ල කිරීම

මීට අමතරව, ශ්‍රී ලංකාවේ සයිබර් අවකාශය, පරිගණක ජාල, වැදගත් දත්ත පද්ධති සහ ජාතික වශයෙන් වැදගත් සංස්කෘතික උරුමයන් සම්බන්ධ ක්‍රියාකාරකම් ද මෙම පනත යටතේ ආරක්ෂිත ක්ෂේත්‍ර ලෙස ඇතුළත් කර තිබේ.

සාමකාමී ක්‍රියාකාරකම්වලට බාධාවක් නැහැ

කෙසේ වෙතත්, සාමකාමී විරෝධතා, වැඩවර්ජන, දේශපාලන මත ප්‍රකාශනය, මානව හිමිකම් ක්‍රියාකාරකම් මෙන්ම නිත්‍යානුකූල මනුෂ්‍යත්ව සහ වෛද්‍ය සේවාවන් මෙම පනත යටතේ ත්‍රස්තවාදී ක්‍රියා ලෙස නොසැලකෙන බව පැහැදිලිවම සඳහන් කර ඇත.

එසේම මාධ්‍ය නිදහස සුරැකීම සඳහා විශේෂ ප්‍රතිපාදන ඇතුළත් කර ඇති අතර, මාධ්‍යවේදීන්ගේ සාධාරණ හා නිවැරදි වාර්තාකරණය, විශ්ලේෂණ, ශාස්ත්‍රීය පර්යේෂණ, මහජන යහපත උදෙසා කෙරෙන තොරතුරු ප්‍රකාශනය සහ නිත්‍යානුකූල දේශපාලන කතාබහ වරදක් ලෙස නොසැලකේ.

දැඩි දඬුවම් සහ සීමා කිරීම්

මෙම පනත යටතේ ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වන අයට දැඩි දඬුවම් නියම කර ඇත. මරණයට හේතු වූ ත්‍රස්තවාදී වරදකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ හැකි අතර, සසුන් බරපතල වැරදි සඳහා වසර 20ක් දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් මිලියන 20ක් දක්වා දඩ මුදල් නියම කිරීමට ප්‍රතිපාදන සලසා ඇත.

තහනම් කරන ලද සංවිධානවල සාමාජිකත්වය දැරීම, සාමාජිකයන් බඳවා ගැනීම, අරමුදල් හා උපකරණ සැපයීම, පුහුණුව ලබාදීම හෝ එවැනි සංවිධානවල ක්‍රියාකාරකම් සංවිධානය කිරීම ද වරදක් ලෙස සැලකේ.

අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තැබීම්

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී අත්අඩංගුවට ගැනීමට හේතුව, අදාළ නිලධාරියාගේ අනන්‍යතාව සහ නීතිඥයෙකු හමුවීමේ අයිතිය දැනුම් දීම අනිවාර්ය කර ඇත. අත්අඩංගුවට ගන්නා සැකකරුවෙකු පැය 48ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ යුතුය.

රඳවා තැබීමේ නියෝගයක් වරකට මාස 02ක කාලයකට නිකුත් කළ හැකි අතර, සමස්ත රඳවා තැබීමේ කාලය වසරක් නොඉක්මවිය යුතු බවට සීමාවක් පනවා තිබේ. මාස 02කට වඩා වැඩි කාලයක් රඳවා තැබීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා මහාධිකරණයේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ.