බොරැල්ල වෝඩ් පෙදෙස 'rockwell colombo' හෝටලයේ ගින්නක් – විදේශිකයන් තිදෙනෙක් මුදාගනී !
ගින්න හටගත් අවස්ථාවේ හෝටලය තුළ රැඳී සිටි විදේශිකයන් තිදෙනෙකු බොරැල්ල පොලීසිය සහ ගිනි නිවීමේ භටයන් විසින් ආරක්ෂිතව මුදාගනු ලැබූ බව බොරැල්ල පොලීසිය සඳහන් කරයි. ගින්නෙන් හටගත් දුම ආඝ්රාණය වීම හේතුවෙන් හෝටලයේ සිටි තවත් කිහිප දෙනෙකු ප්රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
LSN Sri Lanka ·

කොළඹ, බොරැල්ල වෝඩ් පෙදෙස ආශ්රිතව අංක 14, බොරැල්ල හරස් පාරේ (14 Borella Cross Road, off Ward Place, Colombo 08) පිහිටි Rockwell Colombo හෝටලයේ අද (23) රාත්රියේ ගින්නක් හටගෙන ඇති බව පොලීසිය පවසයි.
</p>
<p>
<figure style="margin:1.5rem 0;text-align:center"><img src="https://scontent.fcmb2-2.fna.fbcdn.net/v/t39.30808-6/925875136_1589604683185625_7126031134705588683_n.jpg?stp=dst-jpg_tt6&cstp=mx1024x711&ctp=s1024x711&_nc_cat=102&_nc_map=urlgen_bucketless&ccb=1-7&_nc_sid=127cfc&_nc_ohc=1kCm_BuKsoUQ7kNvwHLgBCb&_nc_oc=AdqYBcmgQQNQjvxQyKsJIA1Wkr-477dyjnOdIm2Try78ZZaTLbYdFl2P0_LRmNg4xJc&_nc_zt=23&_nc_ht=scontent.fcmb2-2.fna&_nc_gid=3xyxNlHL2BjG1xTvgz0-aw&_nc_ss=7b2a8&oh=00_AQTVWg8fVztx34PJTG0SQGORkBKHKCtubNc29zAVYrWKCA&oe=6B0A6550" alt="" style="max-width:100%;border-radius:6px" /><figcaption style="font-size:0.85em;color:#6b7280;margin-top:0.4rem"></figcaption></figure>
ගින්න හටගත් අවස්ථාවේ හෝටලය තුළ රැඳී සිටි විදේශිකයන් තිදෙනෙකු බොරැල්ල පොලීසිය සහ ගිනි නිවීමේ භටයන් විසින් ආරක්ෂිතව මුදාගනු ලැබූ බව බොරැල්ල පොලීසිය සඳහන් කරයි. ගින්නෙන් හටගත් දුම ආඝ්රාණය වීම හේතුවෙන් හෝටලයේ සිටි තවත් කිහිප දෙනෙකු ප්රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
</p>
<p>
කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ හතරක් එම ස්ථානයට යොදවා ඇති බවය. බොරැල්ල පොලීසිය සහ ගිනි නිවීමේ කණ්ඩායම් එක්ව ගින්න පාලනය කිරීමේ මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක කරමින් සිටින බව බලධාරීහු පවසති.
</p>
<p>
සිද්ධිය වූ ස්ථානය මහල් නිවාස සංකීර්ණයක් බවට ඇතැම් වාර්තාවල සඳහන් වුවද, පොලීසිය තහවුරු කරන්නේ මෙම ගින්න හටගෙන ඇත්තේ rockwell colombo හෝටලයේ බවය.
</p>
<p>
ගින්නට හේතුව සහ ඉන් සිදු වූ දේපළ හානිය මෙතෙක් තහවුරු වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.