LSN News › Sri Lanka

Business · Sri Lanka Bureau

ප්‍රංශයේ SIAL Paris 2026 ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකික සන්නාම 90 කට වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර අවධානය දිනා ගනී!

ශ්‍රී ලාංකික සමාගම්වල නිෂ්පාදන සංවර්ධනය සහ අගය එකතු කිරීම අගය කරමින් SIAL 2026 විශිෂ්ටතා සහ නවෝත්පාදන සම්මාන (Recognition & Innovation Awards) දිනා ගැනීමට දේශීය සමාගම් 4 ක් සමත් විය.

LSN Sri Lanka · 24 October 2026

ප්‍රංශයේ SIAL Paris 2026 ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකික සන්නාම 90 කට වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර අවධානය දිනා ගනී!

ප්‍රංශයේ පැරිස් නුවර පැවැති ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ආහාර කර්මාන්ත ප්‍රදර්ශනය වන "Salon International de l’Alimentation" (SIAL Paris 2026) ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශීය සමාගම් 92 ක් සහභාගී වී සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට සමත්ව තිබේ.

ඔක්තෝබර් 17 වනදා සිට 21 වනදා දක්වා පැවැති මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව අනුග්‍රහය සහ නායකත්වය ලබා දී ඇත. ශ්‍රී ලාංකික නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වා දීමටත්, විදේශීය ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කර ගැනීමටත් මෙමගින් විශාල පිටුවහලක් ලැබී තිබේ.

ලෝකයේ රටවල් 127 කින් ප්‍රදර්ශකයින් 8,000 ක් නියෝජනය වූ මෙවර SIAL ප්‍රදර්ශනය සඳහා ලොව පුරා නගරවලින් වෙළඳ වෘත්තිකයින් සහ මිලදී ගන්නන් 2,95,000 කට වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර, එය ඓතිහාසික වාර්තාගත සංඛ්‍යාවකි.

ශ්‍රී ලංකාවේ ජාතික අපනයන ප්‍රවර්ධන ඉලක්ක ඉදිරියට ගෙන යාම අරමුණු කරගනිමින් සහභාගී වූ මෙම නූතන දූත මණ්ඩලයට ප්‍රමුඛ පෙළේ අපනයන සමාගම් 64 ක්, අපනයන සංවර්ධන මණ්ඩල මණ්ඩපයේ සමාගම් 20 ක් සහ ශ්‍රී ලංකා තේ මණ්ඩල මණ්ඩපයේ සමාගම් 8 ක් ඇතුළත් විය.

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති සුගීෂ්වර ගුණරත්න විසින් ඔක්තෝබර් 17 වනදා ශ්‍රී ලංකා ජාතික මණ්ඩපය නිල වශයෙන් විවෘත කරන ලදී. පස්දින ප්‍රදර්ශන කාලය පුරාම තානාපති කාර්යාලයේ පළමු ලේකම් (වාණිජ) ප්‍රසාදී බූමවලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායම ජාත්‍යන්තර ව්‍යාපාරිකයන් සහ ශ්‍රී ලාංකික අපනයනකරුවන් අතර සෘජු ව්‍යාපාරික හමුවීම් (B2B) සංවිධානය කිරීමට සක්‍රීයව දායක වූහ.

ජාත්‍යන්තර මිලදී ගන්නන්ගේ අවධානය දිනා ගැනීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩල මණ්ඩපය තුළ දිනපතා සජීවී ආහාර පිසීමේ ප්‍රදර්ශන පවත්වන ලදී. එහිදී ප්‍රමුඛ පෙළේ සූපවේදීන් විසින් ශ්‍රී ලාංකේය අගය එකතු කළ නිෂ්පාදන, උසස් තත්ත්වයේ කුළුබඩු සහ පිරිසිදු ලංකා තේ (Pure Ceylon Tea) යොදා ගනිමින් සූදානම් කරන ලද නව්‍ය වට්ටෝරු, ගෝලීය රසඥයින්ගේ දැඩි ඇගයීමට ලක් විය.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ ජාතික කාබනික සහතිකකරණය සහ දේශීය කාබනික නිෂ්පාදන පිළිබඳව ජාත්‍යන්තර මිලදී ගන්නන් දැනුවත් කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ ජාතික කාබනික පාලන ඒකකය (NOCU) ද මෙම ප්‍රදර්ශනයට එක්ව සිටියේය.

ශ්‍රී ලාංකික සමාගම්වල නිෂ්පාදන සංවර්ධනය සහ අගය එකතු කිරීම අගය කරමින් SIAL 2026 විශිෂ්ටතා සහ නවෝත්පාදන සම්මාන (Recognition & Innovation Awards) දිනා ගැනීමට දේශීය සමාගම් 4 ක් සමත් විය. එම සමාගම් සහ නිෂ්පාදන පහත පරිදි වේ:

ඩිල්මා (Dilmah) - ඇල්කොහොල් නොමැති ස්පාර්ක්ලින් තේ එකතුව (Non-Alcoholic Sparkling Tea Collection)

රසල්ස් ග්ලෝබල් (Russell’s Global) - සෞඛ්‍යාරක්ෂිත තේ (Wellness Tea)

සින්සෙඩ් (CinZ) - පානයට සූදානම් කුරුඳු සන්ද්‍රණය (Ready-to-Drink Cinnamon Concentrate)

ගුඩ්නස් ෆැක්ටරි (Goodness Factory) - උසස් තත්ත්වයේ සහල් නිවුඩු තෙල් (Premium Rice Bran Oil)

2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත "Sri Lanka Expo 2027" ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා සහභාගී වන ලෙස ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙහිදී ජාත්‍යන්තර වෙළෙඳ පාර්ශවකරුවන්ට හා මිලදී ගන්නන්ට නිල වශයෙන් ආරාධනා කර සිටියේය.