ස්ලිට් (SLIIT) ආයතනය යළිත් මහපොළට පවාර ගැනීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව එළඹෙන කැබිනට් මණ්ඩලයට... වෙළෙඳ හා වාණිජ කටයුතු ඇමති කියයි!
අගවිනිසුරුවරයා යටතේ තිබූ මෙම අරමුදල හිටපු වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රමගේ හිතවතුන්ට සහ ඥාතීන්ට කුණු කොල්ලයට ලබා දී ඇති බවය. මලික් සමරවික්‍රම මේ ගනුදෙනුවේ සිටින බවට පාර්ලිමේන්තුවේ දී චෝදනා කරනු ලැබුවේත් අනුර කුමාර දිසානායක බව හේෂා විතානගේ මන්ත්‍රීවරයා සිහි කළේය. ඒ මලික් සමරවික්‍රම අද ජාතික ජන බලවේග ආණ්ඩුවේ උපදේශකයකු ලෙස කටයුතු කරන බවත්, මේ ගනුදෙනුව ද නිසි ලෙස විමර්ශනය කර නාමල්ලා ට එරෙහිව යන නඩු මෙන් නීතිය හමුවට පැමිණවිය යුතු බවත් අවධාරණය කළේය.
LSN Sri Lanka ·

ස්ලිට් (SLIIT) ආයතනයේ හිමිකාරිත්වය සහ කළමනාකාරිත්වය නැවත මහපොළ භාරකාර අරමුදල වෙත පවරා ගැනීමට අදාළ තීන්දුව සහිත කැබිනට් පත්‍රිකාව එළඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව වෙළෙඳ සහ වාණිජ ඇමැති වසන්ත සමරසිංහ අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී හේෂා විතානගේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති වසන්ත සමරසිංහ කියා සිටියේ, අගවිනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් පැවැති මහපොළ භාරකාර අරමුදලින් අගවිනිසුරුවරයාව ඉවත් කර සිදුකරන ලද මෙම ගිවිසුම සම්බන්ධයෙන් තමන් කිසිසේත්ම දැනුවත්ව සිටියේ නැති බව එවකට සිටි අගවිනිසුරුවරයා ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කර ඇති බවයි.

මෙම දූෂිත ගනුදෙනුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් විමර්ශන දෙකක් මේ වන විටත් ක්‍රියාත්මක වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

2015 වසර දක්වා මහපොළ අරමුදලේ භාරකාරිත්වය අගවිනිසුරුවරයා සතුව පැවැති බවත්, ඒ තත්ත්වය තුළ ශ්‍රී පවන් අගවිනිසුරුවරයාගේ නිල මැදිරියේදී (Chamber) අවසන් වරට රැස්වූ මහපොළ භාරකාර අරමුදල් රැස්වීමේදී යහපාලන ආණ්ඩුව නියෝජනය කළ ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ සරත් අමුණුගමගේ මැදිහත්වීමෙන් බලහත්කාරයෙන් මෙම ගිවිසුම අත්සන් කර ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

එලෙස සිදුකළ අසාධාරණ ගිවිසුමට විරෝධය පළ කරමින් ශ්‍රී පවන් අගවිනිසුරුවරයා අරමුදලේ සභාපතිධුරයෙන් ඉල්ලා අස්වූ බවත්, ඉන්පසු වසර දෙකක් තිස්සේ අරමුදල කැඳවීමකින් තොරව තබා පනත සංශෝධනය කරමින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු හෝ හිටපු විගණකාධිපතිවරයකුගේ සභාපතිත්වයෙන් නව භාරකාරිත්වයක් පිහිටුවූ බවත් ඇමැතිවරයා විස්තර කළේය.

2005 සිට 2015 දක්වා කාලය තුළ ස්ලිට් ආයතනය රුපියල් මිලියන 1068ක ලාභයක් ලබා තිබියදී, මිලියන 408ක් පමණක් මහපොළට ලබා දී ආයතනය පුද්ගලික පාර්ශ්ව වෙත ලියා දී ඇති බව අනාවරණය කළ ඇමැතිවරයා, මෙම අක්රමිකතාව සම්බන්ධයෙන් ශ්‍රී පවන් අගවිනිසුරුවරයා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමෙන් පසුව එවකට සිටි ආණ්ඩුවේ ඇමැතිවරුන් මෙම ගිවිසුම අවලංගු කිරීමට කැබිනට් පත්‍රිකා දෙකක් යොමු කළද ඒවා යටපත් කර දැමූ බවද කීය.

මහපොළ අරමුදල යනු සිසුන්ට උපකාර කිරීම සඳහා සකස් කළ අරමුදලක් බවත්, එය නීති විරෝධී ලෙස අවභාවිත කර ඇති බැවින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මළල්ගොඩ ඇතුළු කණ්ඩායම සොයාගත් සියලු වාර්තා සහ තොරතුරු පදනම් කරගනිමින්, ස්ලිට් ආයතනයේ හිමිකාරිත්වය හා කළමනාකාරිත්වය නැවත මහපොළ අරමුදලට පවරා ගැනීමට නීතිමය හා කැබිනට් මට්ටමින් පියවර ගන්නා බවත් ඇමැති වසන්ත සමරසිංහ වැඩිදුරටත් පැවසීය.
ප්රශ්නය යොමු කළ මන්ත්‍රී හේෂා විතානගේ සඳහන් කළේ, අගවිනිසුරුවරයා යටතේ තිබූ මෙම අරමුදල හිටපු වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රමගේ හිතවතුන්ට සහ ඥාතීන්ට කුණු කොල්ලයට ලබා දී ඇති බවය. මලික් සමරවික්‍රම මේ ගනුදෙනුවේ සිටින බවට පාර්ලිමේන්තුවේ දී චෝදනා කරනු ලැබුවේත් අනුර කුමාර දිසානායක බව හේෂා විතානගේ මන්ත්‍රීවරයා සිහි කළේය. ඒ මලික් සමරවික්‍රම අද ජාතික ජන බලවේග ආණ්ඩුවේ උපදේශකයකු ලෙස කටයුතු කරන බවත්, මේ ගනුදෙනුව ද නිසි ලෙස විමර්ශනය කර නාමල්ලා ට එරෙහිව යන නඩු මෙන් නීතිය හමුවට පැමිණවිය යුතු බවත් අවධාරණය කළේය.