අභ්‍යවකාශයේ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා චන්ද්‍රිකා මිලියනයක් දියත් කිරීමට ඉලෝන් මස්ක්ගේ ස්පේස්එක්ස් (SpaceX) සමාගමට අමෙරිකාවෙන් අනුමැතිය!
කෙසේ වෙතත්, මෙම තාක්ෂණය හේතුවෙන් රාත්‍රී අහසේ දර්ශනවලට බාධා එල්ල විය හැකි බවටත්, පරිසර දූෂණය ඉහළ යා හැකි බවටත් තර්ක කරන විද්‍යා ප්‍රජාව වෙතින් මෙම ව්‍යාපෘතියට දැඩි විවේචන එල්ල වී තිබේ. බදාදා (25) නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු තාරකා විද්‍යා සංගමය (American Astronomical Society) සඳහන් කළේ, තමන් මීට පෙර කොමිසම වෙත ගොනු කළ විරෝධතා නොතකා ගත් මෙම තීරණය පිළිබඳව තමන් "දැඩි කම්පනයට හා කනස්සල්ලට" පත්ව සිටින බවය.
LSN Sri Lanka ·

කෘත්‍රිම බුද්ධිය (AI) බලගැන්වීම සඳහා අත්‍යවශ්‍ය වන දත්ත මධ්‍යස්ථාන නිර්මාණය කිරීම වෙනුවෙන් අභ්‍යවකාශයේ චන්ද්‍රිකා මිලියනයක් (ලක්ෂ 10ක්) ස්ථාපිත කිරීමට ඉලෝන් මස්ක්ගේ ස්පේස්එක්ස් (SpaceX) සමාගමට අමෙරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිසම (FCC) අවසර ලබා දී තිබේ.

නවෝත්පාදනයන් සහ ආර්ථික වර්ධනය වේගවත් කරන තාක්ෂණයක් වන කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයෙන් ලොව ප්‍රමුඛයා වීමට අමෙරිකා එක්සත් ජනපදය දරන තරඟකාරී උත්සාහය මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇත. කෘත්‍රිම බුද්ධිය ප්‍රයෝජනයට ගැනීම ස්පේස්එක්ස් සමාගමේ ඉදිරි වර්ධන අභිලාෂයන්හි ද කේන්ද්‍රීය සාධකයක් වී තිබේ. කෙසේ වෙතත්, පසුගිය ජුනි මාසයේදී සිය මූලික මහජන කොටස් නිකුතුවට (IPO) පෙර ඉදිරිපත් කළ නියාමන ගොනුවක ස්පේස්එක්ස් සමාගම අනතුරු අඟවා තිබුණේ අභ්‍යවකාශයේ දත්ත මධ්‍යස්ථාන දියත් කිරීම "තවමත් තහවුරු නොකළ" තාක්ෂණයන් මත රඳා පවතින බවත්, එය "වාණිජමය වශයෙන් සාර්ථක නොවීමට ඉඩ ඇති" බවත්ය.

කක්ෂීය පරිගණක මොඩියුල මිලියනයකින් සමන්විත ස්පේස්එක්ස් සමාගමේ "ස්ටාර්මයින්ඩ්" (Starmind) චන්ද්‍රිකා ජාලය ස්ථාපිත කිරීම මඟින් කෘත්‍රිම බුද්ධි පරිගණක බලය සඳහා වන "ශීඝ්‍රයෙන් වර්ධනය වන ඉල්ලුම" සපුරාලීමට උපකාරී වනු ඇති බව ෆෙඩරල් සන්නිවේදන කොමිසම බදාදා (25) නිකුත් කළ නිවේදනයක දැක්වේ. එමඟින් දියත් කෙරෙන චන්ද්‍රිකා හරහා පෘථිවියේ භාවිතය සඳහා අවශ්‍ය දැවැන්ත දත්ත ප්‍රමාණයක් සැකසීම සිදු කරනු ඇතැයි ද එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.

"අමෙරිකාවේ නායකත්වය සහ වර්ධනය බලගැන්වීමට අවශ්‍ය පරිගණක යටිතල පහසුකම් සඳහා මෙම පියවර මඟින් නිර්භීත නව මාවතක් විවර කරනවා," යැයි ෆෙඩරල් සන්නිවේදන කොමිසමේ සභාපති බ්‍රෙන්ඩන් කාර් ප්‍රකාශ කළේය.

කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන සඳහා අතිවිශාල බලශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, සූර්ය බලය උපයෝගී කර ගත හැකි කක්ෂීය දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ඉලෝන් මස්ක් සිය සහාය පළ කර තිබේ.

"මෙහෙයුම් හෝ නඩත්තු වියදම් ඉතා අවම මට්ටමක තබා ගනිමින්, නිරන්තරයෙන් ලැබෙන සූර්ය බලය සෘජුවම උපයෝගී කර ගැනීමෙන්, මෙම චන්ද්‍රිකා හරහා පිරිවැය සහ බලශක්ති කාර්යක්ෂමතාවයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමටත්, පෘථිවිය මත පිහිටි දත්ත මධ්‍යස්ථාන නිසා ඇතිවන පාරිසරික බලපෑම සැලකිය යුතු ලෙස අඩු කිරීමටත් හැකි වනු ඇති," බව ස්පේස්එක්ස් සමාගම මෙම වසර මුලදී චන්ද්‍රිකා දියත් කිරීමට අවසර ඉල්ලා සිටි අවස්ථාවේදී ෆෙඩරල් සන්නිවේදන කොමිසමට දන්වා තිබුණි.

සිය සමාජ මාධ්‍ය වේදිකාව වන 'X' හි සටහනක් තබමින් මෙම තීරණය පිළිගත් ඉලෝන් මස්ක්, "මෙය අමෙරිකාවට සහ මුළු ලෝකයටම මහඟු සම්පතක් වනු ඇති" බව පැවසීය.

මතුව ඇති විරෝධය

කෙසේ වෙතත්, මෙම තාක්ෂණය හේතුවෙන් රාත්‍රී අහසේ දර්ශනවලට බාධා එල්ල විය හැකි බවටත්, පරිසර දූෂණය ඉහළ යා හැකි බවටත් තර්ක කරන විද්‍යා ප්‍රජාව වෙතින් මෙම ව්‍යාපෘතියට දැඩි විවේචන එල්ල වී තිබේ. බදාදා (25) නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු තාරකා විද්‍යා සංගමය (American Astronomical Society) සඳහන් කළේ, තමන් මීට පෙර කොමිසම වෙත ගොනු කළ විරෝධතා නොතකා ගත් මෙම තීරණය පිළිබඳව තමන් "දැඩි කම්පනයට හා කනස්සල්ලට" පත්ව සිටින බවය.

"යෝජිත චන්ද්‍රිකා පද්ධතිය මඟින් (i) තාරකා විද්‍යා පහසුකම් වෙනුවෙන් දශක ගණනාවක් පුරා සිදු කළ ෆෙඩරල් ආයෝජනවලට සහ (ii) තාරකා විද්‍යාඥයින්ට මෙන්ම මහජනතාවට රාත්‍රී අහස අධ්‍යයනය කිරීමට හා රසවිඳීමට ඇති හැකියාවට සැලකිය යුතු ලෙස හානි සිදු කරනු ඇත," යැයි එම සංගමය පෙන්වා දුන්නේය.

මෙම චන්ද්‍රිකා රාත්‍රී අහසේ දිගු වේලාවක් "අතිශය දීප්තිමත් වස්තූන්" ලෙස දිස්වනු ඇති බවත්, සාමාන්‍ය තාරකා විද්‍යා පර්යේෂණ සඳහා භාවිතා කරන සංවේදී උපකරණවලට තර්ජනයක් වන "රේඩියෝ විමෝචන" සහ "අපතේ යන තාපය" ජනනය කරනු ඇති බවත් එම සංගමය සඳහන් කළේය. එමෙන්ම, මෙතරම් විශාල චන්ද්‍රිකා සංඛ්‍යාවක් දියත් කිරීමෙන් සහ නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වීමෙන් "වායුගෝලීය දූෂණයක්" සිදුවන බවට ද ඔවුන් අනතුරු ඇඟවීය.

නිකුත් කර ඇති බලපත්‍ර කොන්දේසි යටතේ, ස්පේස්එක්ස් සමාගම 2033 නොවැම්බර් වන විට අවම වශයෙන් එක් බලයලත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් හෝ දියත් කළ යුතු අතර, 2035 නොවැම්බර් වන විට මුළු ප්‍රමාණයෙන් සියයට 10ක් (චන්ද්‍රිකා 100,000ක්) සහ 2038 නොවැම්බර් වන විට සියයට 50ක් ස්ථාපිත කළ යුතු වේ.

කක්ෂගත වස්තූන් පිළිබඳ සජීවී දත්ත සපයන 'Orbital Radar' වේදිකාවට අනුව, මේ වන විට අභ්‍යවකාශයේ ක්‍රියාත්මක චන්ද්‍රිකා 16,700ක් පමණ පවතී. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) පෙන්වා දෙන්නේ ක්‍රියාකාරී චන්ද්‍රිකා සංඛ්‍යාව ඊට වඩා මඳක් අඩු අගයක්, එනම් 15,800ක් පමණ වන බවය.

මේ අතර, මෙම මස මුලදී සිදු කළ ඓතිහාසික පරීක්ෂණ පියාසැරියකදී, ස්පේස්එක්ස් සමාගමේ ස්ටාර්ෂිප් (Starship) අභ්‍යවකාශ යානය මඟින් ස්ටාර්ලින්ක් (Starlink) අන්තර්ජාල චන්ද්‍රිකා කක්ෂගත කර, නැවත පෘථිවියට පැමිණ පෙර නොවූ විරූ ආකාරයේ සාර්ථක ගොඩබෑමක් සිදු කිරීමට ද සමත් විය.