Sport · Sri Lanka Bureau
කොළඹ SSC හිදී පඩික්කාල්ගෙන් තවත් ශතකයක්: පළමු දින අවසානයේ ඉන්දියාව 300/5යි!
LSN Sri Lanka ·

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) පිටියේදී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට සංචාරක ඉන්දීය කණ්ඩායම පන්දුවාර 85ක් තුළ කඩුලු 5ක් දැවී ලකුණු 300ක් ලබාගනිමින් ප්‍රබල මට්ටමකට පැමිණ සිටිති.

ඉන්දීය ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දේව්දුත් පඩික්කාල් ලකුණු 117ක් රැස් කරගත්තේය. නායක ශුබ්මන් ගිල් ලකුණු 50කි. යශස්වි ජයිස්වාල් ලකුණු 45කි. රවින්ද්‍ර ජඩේජා ලකුණු 43කි.

ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 165කින් ජයගෙන තරග 2කින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණේ පසුවන ඉන්දියාව, කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඉන්දියාව එම තීරණයේ සාර ඵල නෙලා ගනිමිනි.

කණ්ඩායම් වෙනස්කම්

ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ද වෙනසක්ම් සහිතව තරගයට පිවිසියහ. පළමු තරගයට ක්‍රීඩා කළ කුල්දීප් යාදව් වෛරස් උණ රෝගයකට ගොදුරු වීම නිසා ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මංගල ටෙස්ට් වරම් දිනාගැනීමට පිටදඟ පන්දු යවන සාරාන්ශ් ජෙයින් සමත් විය. ඔහු පළමු දින අවසානයේ පන්දුවට පහර දෙමින් නොදැවී ලකුණු 4ක් ලබා සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායමේද වෙනස්කම් රැසක් සිදුවිය. ආරම්භක පිතිකරු කමිල් මිෂාර මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනාගත්තේය. ගාල්ල තරගයේදී හිසට සිදුවූ ආබාධය (concussion) නිසා දිනේෂ් චන්දිමාල් තරගයෙන් ඉවත් විය. මීට අමතරව පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් ද ආබාධ නිසා ක්‍රීඩා නොකළ අතර මුල් තරගයේ දි අන්ත කණ්ඩායමත් අන්ත අසරණ කරමින් ෆේල් වූ නිෂාන් මධුෂ්ක අවසන් එකොළොස් දෙනා අතරට තේරී පත් නොවීය. එහෙත් මුල් තරගයේ දෙවැනි ඉනිමේ දී දිනේෂ් චන්දිමාල් වෙනුවට පිවිස පළමු පන්දුවේ දීම කඩුල්ල පූජා කළ පසිඳු සූරියබණ්ඩාර කණ්ඩායමට කැඳවා තිබේ. ඒ අනුව ලහිරු උදාර, කමිල් මිෂාර, පසිඳු සූරියබණ්ඩාර, කමිඳු මෙන්ඩිස්, නායක ධනංජය ද සිල්වා, සොනාල් දිනූෂ සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින්ගෙන් ශ්‍රී ලංකා පිතිකරණ ඇණිය ශක්තිමත් වනු ඇතැයි විශ්වාස කර තිබේ.

<span style="font-size:1.3em">ආරම්භක කඩුලු සහ උණුසුම්ක පන්දුවාරය</span>

තරගයේ ආරම්භයේදීම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් තර්ජනාත්මක පන්දු යැවීමක නිරත විය. කේ. එල්. රාහුල් ලකුණු 18ක් ලබා සිටියදී නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් දෙමින් ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ආක්‍රමණශීලී ලෙස පන්දුවට පහරදුන් යශස්වි ජයිස්වාල් පන්දු 53කදී හතරේ පහර 9ක් සමගින් ලකුණු 45ක් රැස් කළේය. අසිත ප්‍රනාන්දුගේ පන්දුවාරයකට හතරේ පහර 3ක් එල්ල කිරීමට ජයිස්වාල් සමත් වුවද, පසුව ක්ෂණිකව ඇතුළට පැමිණි පන්දුවකින් ජයිස්වාල්ගේ කඩුල්ල කුඩු කළේය.

කඩුල්ල දවාගැනීමෙන් අනතුරුව අසිත ෆර්නැන්ඩෝ ජයිස්වාල් දෙසට ගොස් උණුසුම් වචන හුවමාරුවක නිරත වූ අතර, ජයිස්වාල් ද ඊට ප්‍රතිචාර දැක්වීම නිසා දෙදෙනා අතර යම් ශාරීරික ගැටීමක් ද සිදුවිය. ජයිස්වාල්ගේ හිස් වැස්ම වැදෙනු පෙනුණි. පසුව නායක ධනංජය ද සිල්වා මැදිහත් වී දෙදෙනා වෙන් කිරීමට කටයුතු කළේය. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඉන්දියාව කඩුලු 2කට ලකුණු 88ක් ලබා සිටියේය.

ලද අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගත් පඩික්කාල්

අංක 3 ස්ථානයෙන් පිටියට පිවිසි දේව්දුත් පඩික්කාල්ට ඉනිමේ ආරම්භයේදීම ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගෙන් අවස්ථා දෙකක් හිමි විය. ලකුණු ලබා නොසිටිය දී දුන් උඩපන්දුව ගිලිහිනි. යළිත් එක් ලකුණක් ලබා සිටිය දී ලබා දුන් උඩපන්දුවත් අතහැරියේය. මේ පොට්ටයින් ලබා දුන් හිතාගන්නටත් නොහැකි අවස්ථාව කළමනාකරණය කරගත් පඩික්කාල් නැවතුනේ ලකුණු 117ක දැවැන්ත ඉලක්කයක් වෙත ගමන් කරමිනි.

පඩික්කාල්, නායක ශුබ්මන් ගිල් සමග එක්ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 120ක ප්‍රබල සබඳතාවක් ගොඩනැගීය. ශුබ්මන් ගිල් පන්දු 108කදී ලකුණු 50ක් ලබා සිටියදී අසිත ෆර්නැන්ඩෝගේ පන්දුවක් හමුවේ කඩුලු රකින්නා අතට උඩපන්දුවක් දී දැවී ගියේය.

පන්දු 168කදී හතරේ පහර 10ක් සමගින් සිය ශතකය සපූර්ණ කළ පඩික්කාල්, දැවී යන විට පන්දු 193කදී හතරේ පහර 12ක් සමගින් ලකුණු 117ක් ලබා සිටියේය. මෙය ඔහු පිට පිට ටෙස්ට් තරග දෙකකදී රැස්කළ දෙවැනි ශතකය ය. ඔහු ගාල්ල තරගයේදී ලකුණු 167ක් ලබාගත්තේය.

පසුපෙළ පිතිකරු රිෂාබ් පාන්ට්, ලහිරු කුමාර එල්ල කළ කෙටි පන්දුවක් (short ball) යට බාහුවේ වැදීම නිසා ලකුණු 3ක් ලබා සිටියදී ආබාධිත වී පිටියෙන් ඉවත් විය. ප්‍රහාරාත්මක ලෙස පන්දුවට පහරදුන් රවින්ද්‍ර ජඩේජා ලකුණු 43ක් ලබා සිටියදී නව පන්දුවෙන් කෙළින්ම කඩුල්ල කුඩු කිරීමට අසිත ප්‍රනාන්දු සමත් විය. පඩික්කාල්ගේ කඩුල්ල පිටදඟ පන්දු යවන කේෂර නුවන්ත විසින් දවාගන්නා ලදී.

දිනය නිමා වන විට ධ්‍රුව් ජුරෙල් (නොදැවී 7) සහ සාරාන්ශ් ජෙයින් (නොදැවී 4) කඩුල්ලේ රැඳී සිටියහ.
පන්දු යැවීම සහ පන්දු රැකීම

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු පන්දුවාර 16කදී ලකුණු 46කට කඩුලු 3ක් (ජයිස්වාල්, ගිල් සහ ජඩේජා) දවාගත්තේය. ලහිරු කුමාර සහ කේෂර නුවන්ත අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය. වමත් දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරිය පන්දුවාර 27ක් යැවූ අතර ලකුණු 90කට ලබා දුන්නේය. ඔහුට කඩුළු ලබා ගැනීමට නොහැකි විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ දුර්වලතා සහ පඩික්කාල් ලබාදුන් උඩපන්දු ගිලිහී යාම ඉන්දීය ඉනිම ප්‍රබල මට්ටමකට ගෙන ඒමට ප්‍රධාන වශයෙන් බලපෑවේය. දෙවැනි දිනයේදී ඉන්දියාව විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට උත්සාහ කරන අතර, ශ්‍රී ලංකාවට තරගයේ රැඳී සිටීමට නම් නව පන්දුවෙන් ඉක්මන් කඩුලු කිහිපයක් දවාගැනීමට සිදුවනු ඇත.

ලකුණු පුවරුව (පළමු දින අවසානයේ): ඉන්දියාව (පළමු ඉනිම): 300/5 - (දේවදත් පඩික්කාල් 117, ශුබ්මන් ගිල් 50, යශස්වි ජයිස්වාල් 45, රවින්ද්‍ර ජඩේජා 43; අසිත ෆර්නැන්ඩෝ 46/3)