LSN News › Sri Lanka

“අපි ශ්‍රී ලංකාව අභ්‍යවකාශයට ගෙන ගියා... ඊලඟ පියවර තියන්න එක්වන්න...“ SupremeSAT සභාපති මනිවන්නන් චීනයේදී ජාත්‍යන්තර ප්‍රජාවට ඇරයුම් කරයි!

“මීට වසර 14 කට පෙර අපි එක්ව ශ්‍රී ලංකාව අභ්‍යවකාශය වෙත රැගෙන ගියා. අද අපි එක්ව අභ්‍යවකාශ තාක්ෂණය භාවිත කරමින් සියලු දෙනාටම වඩා යහපත් අනාගතයක් නිර්මාණය කරමු.” යැයි සුප්‍රීම් සැට් සභාපතිවරයා ලෝකයෙන් ඉල්ලා සිටියේය.

LSN Sri Lanka · 20 November 2026

“අපි ශ්‍රී ලංකාව අභ්‍යවකාශයට ගෙන ගියා... ඊලඟ පියවර තියන්න එක්වන්න...“ SupremeSAT සභාපති මනිවන්නන් චීනයේදී ජාත්‍යන්තර ප්‍රජාවට ඇරයුම් කරයි!

ශ්‍රී ලංකාව අභ්‍යාවකාශයට ගෙන ගිය බවත් චීන කර්මාන්ත හවුල්කරුවන්ගේ සහයෝගයෙන් 2012 නොවැම්බර් 27 වැනිදා චීනයේ ෂීචැං චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් SupremeSAT-1 චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීම ශ්‍රී ලංකා අභ්‍යාවකාශ ව්‍යාපාර ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවත් SupremeSAT සභාපති ආර්. එම්. මනිවන්නන් චීනයේ බීජිං නුවර පැවති ආසියා–පැසිෆික් අභ්‍යවකාශ සහයෝගිතා සංවිධානයේ (Asia-Pacific Space Cooperation Organization – APSCO) සිව්වැනි නායකත්ව සංවර්ධන සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.

Supreme Global Holdings සහ SupremeSAT සමාගම්වල සභාපති ආර්. එම්. මනිවන්නන්, එම සමුළුව අමතා අවධාරණය කළේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ජාත්‍යන්තර ආයෝජන, තාක්ෂණික සහයෝගිතාව සහ දැනුම හුවමාරු කරගැනීමේ අවස්ථා පුළුල් කළ යුතු බවය.

ජාත්‍යන්තර අභ්‍යවකාශ කර්මාන්තයේ ප්‍රමුඛයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, විද්‍යාඥයන් සහ තාක්ෂණික විශේෂඥයන් අමතමින් මනිවන්නන් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනත් රටවල නිපදවන තාක්ෂණයන් භාවිත කරන පාරිභෝගිකයන් පමණක් නොවී, ගෝලීය තාක්ෂණික කර්මාන්තයේ සක්‍රීය හවුල්කරුවන් බවට පත්විය යුතු බවය.

ශ්‍රී ලංකාව වාණිජ අභ්‍යවකාශ කර්මාන්තයට පිවිසි ආකාරය සිහිපත් කළ සභාපතිවරයා, චීන කර්මාන්ත හවුල්කරුවන්ගේ සහයෝගයෙන් 2012 නොවැම්බර් 27 වැනිදා චීනයේ ෂීචැං චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් SupremeSAT-1 චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීම මෙරට අභ්‍යවකාශ ව්‍යාපාර ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බව සඳහන් කළේය.

“ඔවුන් බැලුවේ අපේ රට කොතරම් කුඩාද කියා නොවෙයි. ඔවුන් දුටුවේ අපේ සිහිනය කොතරම් විශාලද යන්නයි.” යනුවෙන් චීනයේ සහයෝගය අගය කරමින් හෙතෙම පැවසීය.

වර්තමානයේ SupremeSAT සමාගම මහනුවර පිහිටි Kandy Teleport මධ්‍යස්ථානය හරහා ජාත්‍යන්තර පාරිභෝගිකයන්ට චන්ද්‍රිකා සහ භූමි මධ්‍යස්ථාන සේවා සපයන අතර, ශ්‍රී ලංකාව කලාපීය චන්ද්‍රිකා සන්නිවේදන මධ්‍යස්ථානයක් බවට පත්කිරීම සිය ඉලක්කය බවද සභාපතිවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර ආයෝජකයන්ට, අභ්‍යවකාශ තාක්ෂණික සමාගම්වලට, විශ්වවිද්‍යාලවලට සහ පර්යේෂණ ආයතනවලට ශ්‍රී ලංකාව සමඟ ආයෝජන, තාක්ෂණ හුවමාරු, වෘත්තීය පුහුණු සහ රැකියා උත්පාදන වැඩසටහන් සඳහා එක්වන ලෙසද මනිවන්නන් විවෘත ආරාධනයක් කළේය.

“අප ඉල්ලා සිටින්නේ පුණ්‍යාධාර නොවෙයි. අප ඉල්ලා සිටින්නේ හවුල්කාරිත්වයයි.” යනුවෙන් හෙතෙම ප්‍රකාශ කළේය.

කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන, පුනර්ජනනීය බලශක්තිය, හරිත ඇමෝනියා සහ චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණය ඇතුළු නව ක්ෂේත්‍රවල Supreme Global Holdings සමාගම ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ පිළිබඳවද සභාපතිවරයා කරුණු පැහැදිලි කළේය.

“මීට වසර 14 කට පෙර අපි එක්ව ශ්‍රී ලංකාව අභ්‍යවකාශය වෙත රැගෙන ගියා. අද අපි එක්ව අභ්‍යවකාශ තාක්ෂණය භාවිත කරමින් සියලු දෙනාටම වඩා යහපත් අනාගතයක් නිර්මාණය කරමු.” යැයි හෙතෙම සිය කතාව හමාර කළේය.