Swiss Singapore අවසන් ගිවිසුම වෙනස් කිරීමෙන් රුපියල් බිලියන 1.13ක දඩ මුදලක් අය කරගැනීමට නොහැකි වූ හැටි!
ගල් අඟුරු විමර්ශනය – 02 - නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ බවට විගණකාධිපතිවරයා හඳුනාගත් ප්‍රසම්පාදන අක්‍රමිකතා, අමතර වියදම්, අයකරගත නොහැකි වූ මුදල් සහ ආයතනික දුර්වලතා පිළිබඳව එම විගණන වාර්තාව පදනම් කරගත් විමර්ශන ලිපි මාලාවක් LMN විසින් අද සිට ඉදිරිපත් කිරීමට තීරණය කරමු. ජාතියක් ලෙස අප පත් වූ බිහිසුණු ආර්ථික ව්‍යසනයට පදනම දැමූ ලංකාවේ විශාලතම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව මතුවී ඇති විසංවාදය තුළ කියැවෙන වංචා දූෂණ ගැන ලියැවෙන්නේ රුපියල් බිලියන දහස් ගණනකිනි. එය අනාගතයේ දී නෛතික ක්‍රියාවලියක් ඉදිරියේ තීන්දු කළ යුතු බරපතල තත්ත්වයකි. එතෙක් 2009 - 2016 තුළ නොරොච්චෝලෙ ලක් විජය ගල් අඟුරු බලාගාරය සඳහා සීමා සහිත ලංකා ගල් අඟුරු සමාගම මගින් සිදුකළ ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධව විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ විගණන වාර්තාව ඇසුරින් මෙම ලිපි පෙළ ඔබ වෙත පෙළ ගස්වමු.
LSN Sri Lanka ·

මෙම කතාව තේරුම් ගැනීමට මුලින්ම සරල කරුණක් දැනගත යුතුය.

“ගල් අඟුරු කැටයක ප්‍රමාණය මෙතරම් වැදගත් ඇයි?“

බලාගාරයට ගෙනෙන ගල් අඟුරු සියල්ල එකම ප්‍රමාණයේ කැට නොවේ. ඉතා විශාල කැටද, ඉතා කුඩා කැබලි සහ දූවිලි වැනි අංශුද තිබිය හැකිය.

එබැවින් ගල් අඟුරු මිලදී ගැනීමේදී ඒවායේ කැට ප්‍රමාණයට සීමා නියම කරයි. සැපයෙන ගල් අඟුරු එම සීමාවෙන් බැහැර වුවහොත්, සැපයුම්කරුගෙන් මිල අඩු කිරීමක් හෝ දඩ මුදලක් අයකරගැනීමේ හැකියාව ගිවිසුමේ තිබිය හැකිය.

අපගේ දෙවැනි විමර්ශනයේ කේන්ද්‍රය වන්නේ මේ උපරිම හා අවම සීමා දෙකය. ලංසු කැඳවීමේ දී සැපයුම්කරුවන් තමන්ගේ සැපයුමේ ගල් අඟුරු කැටවල ප්‍රමාණ දක්වා තිබිණි. ටෙන්ඩරය ලැබෙන්නේ Swiss Singapore සමාගමටය. ඔවුන් සිය සීමා දක්වා තිබිණි.

මිලිමීටර් 50ට වැඩි ගල් අඟුරු කැට — උපරිම සියයට 3ක්...

මිලිමීටර් 2ට අඩු අංශ — උපරිම සියයට 25ක්...

අනුව Swiss Singapore සමාගම තම ලංසු ලේඛනවල මෙම අගයන් 3% සහ 25% ලෙස දක්වා තිබුණු බව විගණන වාර්තා කීවේය. ප්‍රශ්නය වන්නේ අවසානයේ ලංකා ගල් අඟුරු සමාගම සමඟ අත්සන් කළ ගිවිසුමේ එම ගල් අඟුරු කැටවල ප්‍රමාණය එනම් මිලි මීටර 50ට වැඩි ගල් අඟුරු කැට උපරිමය 5% සහ මිලි මීටර 2ට අඩු ගල් අඟුරු කැට උපරිමය 30% බවට වෙනස් වී තිබීමය

වෙනස කුඩායි වගේ. එහෙත් බලපෑම කුඩා නැහැ

පෙනුමට 3% සිට 5% දක්වාත්, 25% සිට 30% දක්වාත් වූ වෙනස විශාල එකක් ලෙස නොපෙනිය හැකිය. නමුත් ගිවිසුමකදී මෙය වැදගත් වන්නේ සරල හේතුවක් නිසාය.

සීමාව ලිහිල් කළ විට, ගල් අඟුරු කැටයක ප්‍රමාණයේ පිරිවිතරය සම්පූර්ණ නොකළ නිසා දඩයක් අයකරගත හැකිව තිබූ ගල් අඟුරු තොගයක් මෙම වෙනස් කිරීමෙන් පසුව ගිවිසුමට අනුකූල තොගයක් බවට පත්විය හැකිය.

උදාහරණයක් ලෙස, මිලිමීටර් 50ට වැඩි කැට සියයට 4ක් තිබූ තොගයක් 3% සීමාවක් යටතේ ප්‍රමිතියෙන් බැහැර විය හැකියි. නමුත් සීමාව 5% දක්වා ඉහළ දැමූ විට එම තොගය පිළිගත හැකි තත්ත්වයකට පැමිණේ.

අදාළ වෙනස නිසා කලින් අයකරගත හැකිව තිබූ “කැට ප්‍රමාණ දඩ” අයකරගත නොහැකි වූ බව විගණනය සඳහන් කරයි.

විගණනය ගණනය කළ මුදල

මෙම වෙනස නිසා Swiss Singapore සමාගමෙන් අයකරගත නොහැකි වූ බවට විගණනය ගණනය කළ දඩ මුදල ඇමෙරිකානු ඩොලර් 8,754,979කි.

එය එවකට ගණනය අනුව රුපියල් 1,138,147,270ක් — එනම් රුපියල් බිලියන 1.13කට වැඩි මුදලකි.

මුල් කොන්දේසිය අනුව අයකරගත හැකිව තිබූ ඇස්තමේන්තුගත දඩ මුදල අවසන් ගිවිසුමේ වෙනස් වූ කොන්දේසි යටතේ අයකරගත නොහැකි වූ බව විගණනය මෙහිදි අවධාරණය කර තිබුණේය.

මුල් ලංසු කොන්දේසිය කුමක්ද?

විගණන වාර්තාවේ තවත් වැදගත් කරුණක් තිබේ.

2014 දෙසැම්බර් 17 පැවති පළමු පූර්ව ලංසු රැස්වීමේදී ගල් අඟුරු කැට ප්‍රමාණයට අදාළ දඩ සහ තාක්ෂණික කොන්දේසි පිළිබඳව ලංසුකරුවන් ප්‍රශ්න කර තිබුණි. එහිදී තාක්ෂණික ඇගයීම් කමිටුව සහ ප්‍රසම්පාදන කමිටුව තීරණය කර තිබුණේ ලංසු ලේඛනවල තිබූ කොන්දේසි එලෙසම පවත්වාගෙන යාමටය. එම තීරණය ලංසුකරුවන්ටද දැනුම් දී තිබුණි. ඒ නිසා මෙහි මතුවන ප්‍රශ්නය වඩාත් බරපතළය.

ලංසුකරුවන් සිය මිල සහ යෝජනා ඉදිරිපත් කළේ එක් කොන්දේසි සමූහයක් යටතේ නම්, අවසාන ගිවිසුමේදී ඒ කොන්දේසි වෙනස් කිරීමට හේතුව කුමක්ද?

තෝරාගැනීමේ ක්‍රියාවලියත් විගණනය ප්‍රශ්න කරයි

මෙය හුදෙක් අවසන් ගිවිසුමේ එක් අංකයක් වෙනස් වූ කතාවක් පමණක් නොවේ.

2015 ජූලි 3 දින තාක්ෂණික ඇගයීම් කමිටුව Swiss Singapore සමාගම අඩුම ඇගයූ මිල ඉදිරිපත් කළ ලංසුකරු ලෙස නිර්දේශ කෙරිනි. එහෙත් එම ඇගයීම මුල් ලංසු ලේඛනවල සඳහන් ක්‍රමවේදයට සම්පූර්ණයෙන් අනුකූල නොවූ බව විගණනය සඳහන් කළේය. තවද ප්‍රකාශයට පත් කළ ඇගයීම් නිර්ණායක අතරමැදදී වෙනස් නොකළ යුතු බව රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල දැක්වෙන බවද විගණනය සලකුණු කර තිබුණේය.

විගණනය තවදුරටත් කියන්නේ, මුල් ප්‍රසම්පාදනවල සිට පස්වැනි ප්‍රසම්පාදනය දක්වා භාවිත කළ කැට ප්‍රමාණ නිර්ණායක හයවැනි ප්‍රසම්පාදනයේ ලංසු ලේඛනවලද තිබුණ ආකාරය විගණනය පෙන්වා දෙන්නේය. නමුත් 06 වැනි ප්‍රසම්පාදනයේ ලංසු ලේඛනයේ තිබූ ගල් අඟුරු කැටවල ප්‍රමාණය වෙනස් ආකාරයකට යොදා නැවත ඇගයීම සිදුකිරීම සියලු ලංසුකරුවන්ට සමාන අවස්ථාවක් ලබාදීමේ මූලධර්මයට පටහැනි බවද විගණනය අවධාරණය කළේය. .

පසුව මිල ගැනත් සාකච්ඡා කළා

2015 සැප්තැම්බර් 22 දින අමාත්‍ය මණ්ඩලය Swiss Singapore සමඟ ගිවිසුම එක් වසරකට සීමා කර, අඩු මිලක් ලබාගැනීමට සාකච්ඡා කරන ලෙස උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව සැප්තැම්බර් 30 සහ ඔක්තෝබර් 1 දින Swiss Singapore සමඟ ප්‍රසම්පාදන කමිටුව සාකච්ඡා පවත්වා තිබුණි. එහිදී මිල ගණනය සඳහා භාවිත කළ දර්ශකය වෙනස් කිරීම ඇතුළු කරුණු සාකච්ඡා කළ බව විගණනය පැවසුවේය.

පසුව 2015 ඔක්තෝබර් 16 දින ලංකා ගල් අඟුරු සමාගම සහ Swiss Singapore අතර අවසන් ගිවිසුමට එළඹුණි. ඒ ගිවිසුමේදී ලංසු ලේඛනවල 3% සහ 25% ලෙස තිබූ කැට ප්‍රමාණ සීමා 5% සහ 30% බවට පත්වී තිබුණි.

“කවුද වෙනස් කළේ?” යන්නට තවම පිළිතුරක් නැත.

නමුත් එම 3% සහ 25% අගයන් 5% සහ 30% බවට වෙනස් කිරීමට මුලින් යෝජනා කළේ කවුද, ඒ සඳහා තාක්ෂණික හේතුවක් තිබුණාද, එය පරීක්ෂා කළේ, අවසන් අනුමැතිය දුන්නේ යන්න පිළිතුර සොයා ගත යුතු ගැටලු සේ ශේෂ වී තිබේ.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ලංකා ගල් අඟුරු සමාගම, එවකට ප්‍රසම්පාදන කමිටුව සහ Swiss Singapore සමාගමෙන් පිළිතුරු ලැබිය යුතු මූලික ප්‍රශ්න මෙසේය:

• 3% සහ 25% සීමා 5% සහ 30% කිරීමට යෝජනා කළේ කවුද?

• ඒ සඳහා තාක්ෂණික අධ්‍යයනයක් තිබුණාද?

• එම වෙනස ප්‍රසම්පාදන කමිටුව විසින් විධිමත්ව අනුමත කළාද?

• ලංසුකරුවන් සියල්ලම එකම කොන්දේසි මත තරග කළ පසු, ජයග්‍රාහී ලංසුකරු සමඟ අවසන් ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ එම සීමා ලිහිල් කිරීම සාධාරණ කළේ කෙසේද?

විගණනය අපට පෙන්වා දෙන්නේ එක් තීරණාත්මක වූ තාක්ෂණික කරුනකි. ලංසු ලේඛනයේ ගල් අඟුරු කැටයක් සඳහා තිබූ 3% සහ 25% සීමා අවසන් ගිවිසුමේ 5% සහ 30% බවට වෙනස් වී තිබෙන්නේය.

එම වෙනස නිසා Swiss Singapore වෙතින් අයකරගත හැකිව තිබූ බවට විගණනය ගණනය කළ ඩොලර් මිලියන 8.75ක—රුපියල් බිලියන 1.13ක පමණ—දඩ මුදල අයකරගත නොහැකි වී ඇත්තේය. විමර්ශනය කර සොයා ගත යුතු තීරණාත්මක ප්‍රවේශයක් විගණනය විවර කර දෙන්නේය.

මෛත්‍රී.. ඔයා?

අපට මේ අවස්ථාවේ මතුවන ගැටලුවක් තිබේ.

Swiss Singapore සමඟ අවසන් ගිවිසුමට එළඹුණේ ලංකා ගල් අඟුරු සමාගමය. 2015 දී එම සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ මෛත්‍රී ගුණරත්නය. මේ ප්‍රශ්නගත ගිවිසුමට ගල් අඟුරු සමාගම එළඹෙන්නේ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්නගේ සභාපතිත්වය යටතේ තිබූ ගල් අඟුරු සමාගමය.
මුල් ලංසු ලේඛනවල සියලු පාර්ශ්ව පිළිගෙන තිබූ කොන්දේසි අවසන් ගිවිසුමේදී වෙනස් වී ඇති බව විගණකාධිපතිවරයා පැහැදිලිව සඳහන් කරන්නේය. 3% සහ 25% වූ ගල් අඟුරු කැට ප්‍රමාණ සීමා 5% සහ 30% බවට පත්වී අති බවත්, එම වෙනස නිසා Swiss Singapore සමාගමෙන් අයකරගත හැකිව තිබූ බවට විගණනය ගණනය කළ ඩොලර් මිලියන 8.75ක දඩ මුදලක් අයකරගත නොහැකි වූ බවත් විගණනය වාර්තා කරන්නේය.

මෙහි තවත් වැදගත් පසුබිමක් තිබේ. ගල් අඟුරු ප්‍රසම්පාදනයේ අඩුපාඩු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයම වගකිවයුත්තන් හඳුනාගෙන ක්‍රියාමාර්ග ගැනීම සඳහා පරීක්ෂණයක් අවශ්‍ය බව 2015 සැප්තැම්බර් 22 දින තීරණය කර තිබුණි. Swiss Singapore සමඟ අවසන් ගිවිසුම අත්සන් කරන්නේ ඉන් සති කිහිපයකට පසුව, ඔක්තෝබර් 16 දිනය. එදින අත්සන් කරන ගිවිසුමේ ඒ වනවිට මුල් කොන්දේසි අත්සන් කරන විට වෙනස් වී තිබුණේය.

දැන් රට මතුකරන වඩා සාධාරණ ප්‍රශ්නය වන්නේ, ජනාධිපති නීතිඥ සමාගම් සභාපතිවරයා යටතේ මෙතරම් මූල්‍යමය බලපෑමක් ඇති ගිවිසුම් කොන්දේසියක් වෙනස් වීමට ඉඩ ලැබුණේ කෙසේද යන්නය.

මේ ප්‍රවේශය යළිත් අදට සම්බන්ධ කිරීම වැදගත්ය. අද යහපාලනය, විනිවිදභාවය, නීතියේ ආධිපත්‍යය හෝ “සුපිළිපන් සමාජයක්” ගැන ප්‍රසිද්ධියේ කතා කරන ඕනෑම පුද්ගලයකුගේ අතීත රාජ්‍ය භූමිකාවද ඒ මිනුම් දණ්ඩෙන්ම පරීක්ෂා කිරීම සාධාරණය. එය පළිගැනීමක් නොවේ; ප්‍රසිද්ධ වගවීමේ මූලධර්මය ය.

මේ කතාවෙන් මතුවන්නේ තවත් විශාල ප්‍රශ්නයකි. ලංසු ලේඛනවල තිබූ කොන්දේසි අවසන් ගිවිසුමට යන අතරතුර වෙනස් වීම Swiss Singapore ගිවිසුමට පමණක් සීමා වූ දෙයක්ද?

ඊළඟ ලිපියෙන් අපි බලන්නේ Liberty Commodities සමඟ අත්සන් කළ ගිවිසුමේ සල්ෆර් සහ අළු සඳහා වූ මිල ගැලපුම් සූත්‍ර වෙනස් වූ ආකාරය සහ එයින් ඇතිවූ මූල්‍ය බලපෑමය.