T-56 ගිනිඅවිය පාතාලයට විකුණා ඩුබායි වෙත පලා ගොස් සැඟවී සිටි ගල්කිස්ස පොලිස් කොස්තාපල් කුදලාගෙන එයි... ඩුබායි රැකවරණය ලබන අනෙක් අපරාධකරුවන්ටත් හෙණ පාත්වන ලකුණු!
සිද්ධියෙන් අනතුරුව මාස 21කට ආසන්න කාලයක් ඩුබායිහි සැඟවී සිටි සැකකරුව දැන් අත්අඩංගුවට ගෙන රැගෙන ඒමෙන් පසු, පොලිස් ගිනිඅවිය සංවිධානාත්මක අපරාධ ජාල වෙත ලැබී ඇත්ද යන්න, එය කොතැනකද යන්න සහ ඊට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් පිළිබඳ වැඩිදුර විමර්ශන මේ වන විට ක්‍රියාත්මක වේ.
LSN Sri Lanka ·

ගල්කිස්ස පොලිසියට අනුයුක්තව මාර්ග බාධකයක රාජකාරියේ යෙදී සිටියදී තමන්ට නිකුත් කරන ලද රාජකාරි T-56 ගිනි අවිය සොරකම් කර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වෙත ලබා දී, පසුව ඩුබායි වෙත පලා ගොස් මාස 21කට ආසන්න කාලයක් සැඟවී සිටි 26 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන අද (නොවැම්බර් 26) අලුයම ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී.

සැකකරු ජයකොඩි ආරච්චිගේ කවිදු ආකාශ් ජයකොඩි, අනුරාධපුරය පේමඩුව හැලඹගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අද අලුයම 05.20ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්-226 (UL-226) ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට රැගෙන ආවේය. ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතට භාරකර තිබේ.

අතීත සිද්ධියේ කාලරේඛාවෙ

මෙම සිද්ධිය ආරම්භ වූයේ 2025 පෙබරවාරි 08 වැනිදා (සෙනසුරාදා) රාත්‍රියේය. එවකට වයස අවුරුදු 25ක් වූ ආකාශ් ජයකොඩි, ගල්කිස්ස පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියේය. ඔහු සවස 6.00ට පමණ ආරම්භ වීමට නියමිතව තිබූ මාර්ග බාධක රාජකාරිය සඳහා පොලිස් ස්ථානයෙන් T-56 ගිනිඅවිය සහ උණ්ඩ 30ක් ලබා ගෙන රාජකාරියට පිටත්ව ගොස් තිබුණත්, එම රාජකාරි ස්ථානයට වාර්තා නොකළේය. ඔහුගේ දුරකථනයට කළ ඇමතුම්වලටද ප්‍රතිචාර නොදැක්වීය.

විමර්ශනවලදී අනාවරණය වූයේ එම රාත්‍රියේම ඔහු කටුනායක ගුවන් තොටුපොළ හරහා ඩුබායි බලා පිටත්ව ගිය බවය. එම අවස්ථාවේදීම සැකකරුට පලා යාමට උදව් කළ බවට චෝදනා එල්ල වූ තවත් පොලිස් කොස්තාපල්වරයෙකුද අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහුගේ සන්තකයෙන් හෙරොයින් ග්‍රෑම් 03කට අධික ප්‍රමාණයක්ද හමුවූ බව වාර්තා විය.

ගිනිඅවිය සහ උණ්ඩ තොගය සොයා ගැනීමට පොලිසිය කණ්ඩායම් හතරක් යොදවා තිබුණු අතර, ජාත්‍යන්තර පොලිස් සංවිධානය (Interpol) හරහා ඔහු රැගෙන ඒමට උපකාර ඉල්ලා සිටින ලදී.

නව මෙහෙයුම් ප්‍රගතිය

පසුගිය 15 සිට 19 දක්වා කාලය තුළ ඩුබායිහි පැවති ලෝක පොලිස් සමුළුවට සහභාගීවන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ඩුබායි රාජ්‍යයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය නිලධාරීන් සමග ඇති කරගත් සමීප රාජ්‍ය තාන්ත්‍රික අවබෝධතාව හරහා ක්‍රියාත්මකවන නව වැඩපිළිවෙළේ එක් සාර්ථක ප්‍රවේශයක් ලෙස මෙම කොස්තාපල් අත් අඩංගුවට ගෙන ලංකාවට පිටුවහල් කිරිම දැක්විය හැකි බව විමර්ශන අංශ ආරංචි මාර්ග අනාවරණය කළේය.

මත මේ වනවිට එම රාජ්‍යයන්හි වෙසෙන අපරාධ කල්ලි සාමාජිකයන් අත් අඩංගුවට ගෙන නීත්‍යානුකූලව ශ්‍රි ලංකාව වෙත ලබා දීමේ ක්‍රියාවලිය වඩාත් පුලුල් ලෙස ක්‍රියාත්මක කිරීමට අවකාශය සැලසී ඇති බවත්, දැනට එම රාජ්‍යයන්හි රැකවරණය ලබන අපරාධකරුවන් සියලු දෙනාම ලබන වසර මැද වනවිට රටට ගෙන්වා ගත හැකිවනු ඇතැයි විශ්වාසය පල කරන බවත් එම ආරංචි මාර්ග පැවසීය.

මෙම ලෝක පොලිස් සමුළුව සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංගකරවිට, ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රි ලංකා තානාපති මහාචාර්ය අරූෂා කුරේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වී සිටියහ.

ඩුබායිහි පොලිස් සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය ප්‍රධානී මෙන්ම UAE ෆෙඩරල් පොලිස් කවුන්සලයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ළහී ඛල්ෆාන් තමීම් (Dhahi Khalfan Tamim) සහ ඩුබායි පොලිසියේ ජාත්‍යන්තර සහයෝගිතා අංශයේ අධ්‍යක්ෂකවරයාත්, මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNODC) ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් වන සිරි බිජූන් (Siri Bijune) ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක් වී සිටි අතර ලංකාවේ මත්ද්‍රව්‍ය ජාලය මැදපෙරදිග රටවල ආවරණය යටතේ ක්‍රියාත්මකවන ආකාරය සම්බන්ධව එහිදි දිර්ඝ ලෙස සාකච්ඡා වි තිබිනි.

මෙම සිද්ධියෙන් අනතුරුව මාස 21කට ආසන්න කාලයක් ඩුබායිහි සැඟවී සිටි සැකකරුව දැන් අත්අඩංගුවට ගෙන රැගෙනවිත් තිබේ. වැඩි දුර විමර්ශන මේ වන විට ක්‍රියාත්මක වේ.