අඟුරුවාතොට උඩුවර ප්‍රදේශයේ සඟවා තිබූ T-56 උණ්ඩ 90ක්, M-16 උණ්ඩ 23ක් සහ මාංචු කුට්ටමක් පොලිස් භාරයට!
මෙම උණ්ඩ සහ උපකරණ තොගය සොයාගෙන ඇත්තේ පසුගිය 20 වැනිදා T-56 ගිනි අවියක් සහ සජීවී උණ්ඩ 16ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබාදුන් තොරතුරු මතය.
LSN Sri Lanka ·

අඟුරුවාතොට, උඩුවර ප්‍රදේශයේ සඟවා තිබූ T-56 වර්ගයේ සජීවී උණ්ඩ 90ක්, M-16 වර්ගයේ සජීවී උණ්ඩ 23ක් සහ මාංචු කුට්ටමක් පොලිසිය විසින් සොයාගනු ලැබ තිබේ.
</p>
<p>
පොලිස් තොරතුරුවලට අනුව, මෙම උණ්ඩ සහ උපකරණ තොගය සොයාගෙන ඇත්තේ පසුගිය 20 වැනිදා T-56 ගිනි අවියක් සහ සජීවී උණ්ඩ 16ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබාදුන් තොරතුරු මතය.
</p>
<p>
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර, අත්අඩංගුවට ගත් සැකකරු සහ සොයාගත් අවි උණ්ඩ තොගය පිළිබඳව පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.