බද්දේගම හල්පතොටදී T-56 ප්‍රහාරයකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට: වෙඩික්කරු පන්න පන්නා වෙඩි තබන අයුරු CCTV වල....
පෙරවරුවේ මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් ත්‍රිරෝද රථයකට සහ නිවසකට ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කරයි; බරපතළ තුවාල ලැබූ තවත් කාන්තාවක් කරාපිටිය රෝහලේ දැඩි සත්කාරයේ
LSN Sri Lanka ·

බද්දේගම, හල්පතොට (ලංකාසාර) - බද්දේගම, හල්පතොට ප්‍රදේශයේදී අද (සැප්තැම්බර් 27) පෙරවරුවේ සිදුවූ දරුණු T-56 ස්වයංක්‍රීය ගිනිඅවි ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවකට බරපතළ තුවාල සිදුව තිබේ. ඇයගේ ජීවිතය ද දැඩි අනතුරු දායක තත්ත්වයක පවතින බව රෝහල් ආරංචි මාර්ග කියයි

අද පෙරවරුවේ මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් විසින් මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයකට ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.

ප්‍රහාරයෙන් ත්‍රිරෝද රථයේ රියදුරු මියගොස් ඇති ඇත. සිද්ධියෙන් බරපතළ තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු ද ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ. තුවාල ලැබූ අනෙක් කාන්තාව මේ වන විටත් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබයි.

CCTV දර්ශනවල සටහන් වූ භීෂණය

සිද්ධිය වූ ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවල මෙම සමස්ත සිදුවීමම ඉතා පැහැදිලිව සටහන්ව තිබේ. මෝටර් රථයකින් පැමිණෙන වෙඩික්කරු මහමගට බැස ත්‍රිරෝදයට වටේ කැරකෙමින් වෙඩි තබයි. කාන්තාවන් දෙදෙනා රථයෙන් බිමට පැන පණ බේරා ගැනීමට උත්සාහ කරයි. එක් කාන්තාවකට වෙඩි වැදී නමුත් ඇය නැගී සිටින අයුරු පෙනේ. වෙඩික්කරු දෙවැනි වරත් එම කාන්තාවට වෙඩි තබයි. රියදුරු වෙඩි පහර කා රථයෙන් වැටේ. රථයෙන් බිමට වැටෙන රියදුරු ඉලක්ක කරගෙන වෙඩික්කරු යළිත් වරක් වෙඩි ප්‍රහාර එල්ල කරයි. අනතුරුව පණ බේරා ගැනීමට දිවයන කාන්තාවක පසුපස පන්න පන්නා වෙඩි තබන වෙඩික්කරු යලි දිව විත් මෝටර් රථයට නැගී අයුරු එම දර්ශනවල දක්නට ලැබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සහ ඔවුන් පැමිණි මෝටර් රථය හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ සවිකර ඇති CCTV දර්ශන සියල්ල පරීක්ෂාවට ලක් කරමින් පොලිස් කණ්ඩායම් දෙකක් ඔස්සේ පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.