LSN News › Sri Lanka

TIN අංකය අනිවාර්ය කිරීමේ තීරණය 2027 අප්‍රේල් 1 දක්වා කල් යයි!

කල් දැමීමට යටත් වූ අත්‍යවශ්‍ය ගනුදෙනු අට වන්නේ බැංකු ගිණුම් විවෘත කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීම, වාහන ලියාපදිංචි කිරීම, වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම, ඉඩම් ලියාපදිංචි කිරීම, ව්‍යාපාර ලියාපදිංචි කිරීම, සමාගම් කොටස් පැවරීම සහ ණය පත් (credit cards) ලබා ගැනීමය.

LSN Sri Lanka · 5 November 2026

TIN අංකය අනිවාර්ය කිරීමේ තීරණය 2027 අප්‍රේල් 1 දක්වා කල් යයි!

අත්‍යවශ්‍ය ගනුදෙනු අටක් (08) සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමේ තීරණය 2027 අප්‍රේල් 01 වැනිදා දක්වා කල් දැමීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

</p>

<p>

නොවැම්බර් 1 වන දා සිට බලාත්මක වූ මෙම අවශ්‍යතාව සඳහා මාස පහක සහන කාලයක් ලබා දෙමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම තීරණය තහවුරු කරන ලදී.

</p>

<p>

TIN සහතික ලබා ගැනීමේදී ජනතාව මුහුණ දුන් දැඩි අපහසුතාවන්, දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලවල පැවති දිගු පෝලිම් සහ දෙපාර්තමේන්තුවේ සබැඳි (online) ලියාපදිංචි කිරීමේ පද්ධතියේ ඇති වූ බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

</p>

<p>

මෙසේ කල් දැමීමට යටත් වූ අත්‍යවශ්‍ය ගනුදෙනු අට වන්නේ බැංකු ගිණුම් විවෘත කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීම, වාහන ලියාපදිංචි කිරීම, වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම, ඉඩම් ලියාපදිංචි කිරීම, ව්‍යාපාර ලියාපදිංචි කිරීම, සමාගම් කොටස් පැවරීම සහ ණය පත් (credit cards) ලබා ගැනීමය.

</p>

<p>

රජය විසින් මීට පෙර ද බැංකු ගිණුම් විවෘත කිරීම සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම සඳහා තාවකාලික සහනයක් ලබා දී තිබුණි.