LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

කාන්තා ආසියානු කුසලානය - UAE පරදා ශ්‍රි ලංකා කණ්ඩායම කඩුළු 09ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කරයි!

2026 ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ ආරම්භක තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරදා කඩුලු 9ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට වත්මන් ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

LSN Sri Lanka · 29 August 2026

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී පන්දු යැවීමෙන් මෙන්ම පන්දුවට පහරදීමෙන්ද එකසේ දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළාය. නායිකාවගේ තීරණය නිවැරදි බව සනාථ කළ ශ්‍රී ලංකා පන්දු යැවුම් බළඇණිය, ප්‍රතිවාදී එමීර් රාජ්‍ය ඉනිම පන්දුවාර 19.5කදී ලකුණු 79කට සීමා කිරීමට සමත් විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඉනිම සුනුවිසුනු කර දැමූ චේතනා විමුක්ති (ලකුණු 16කට කඩුලු 3) සහ මිථාලි අයෝධ්‍යා (ලකුණු 14කට කඩුලු 3) ප්‍රතිවාදී පිතිකාරිනියන්ට කිසිදු ඉඩක් නොතැබූහ.

සුගන්ධිකා කුමාරි ලකුණු 18කට කඩුලු 2ක් දවාගත් අතර, නායිකා චමරි අතපත්තු සහ කවීෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් බිඳහෙලූහ. එමීර් රාජ්‍ය කණ්ඩායම වෙනුවෙන් නායිකා ඊෂා රෝහිත් ලකුණු 18ක් සහ සමයිරා ධර්නිධාර්කා ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වූහ.

ලකුණු 80ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7.5කදී එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය. ආරම්භක පිතිකාරිණී ඉමේෂා දුලානි ලකුණු 25ක් (පන්දු 18) ලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසුවිය.

ඉන්පසුව පිටියට එක්වූ නායිකා චමරි අතපත්තු ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කරමින් පන්දු 25කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 48ක් රැස්කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූවාය. සංජනා කාවින්දි නොදැවී ලකුණු 5කි.

පන්දු යැවීමෙන් දැක්වූ විශිෂ්ට දක්ෂතාව වෙනුවෙන් තරගයේ වීරයා සම්මානය චේතනා විමුක්ති හිමිකර ගත්තාය.