LSN News › Sri Lanka

රජ්නාත් සිං කොළඹට එන විට Udaygiri යුධ නැවත් කොළඹට — අහම්බයක් ද? ඉන්දියාවේ සාගරික පණිවුඩයක් ද?

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයකු වසර 38කට පසු ශ්‍රී ලංකාවට නිල සංචාරයක පැමිණෙන දිනයේම ඉන්දියාවේ නවීන යුද නෞකාවක් කොළඹ වරායට සේන්දු වීම අහම්බයක් ද? නැතිනම් එය සැලසුම් කළ රාජ්‍යතාන්ත්‍රික සංඥාවක් ද? කොළඹදී එකවර දිගහැරුණු සිදුවීම් දෙක එම ප්‍රශ්නය මතු කර තිබේ.

LSN Sri Lanka · 8 September 2026

රජ්නාත් සිං කොළඹට එන විට Udaygiri  යුධ නැවත්  කොළඹට — අහම්බයක් ද? ඉන්දියාවේ සාගරික පණිවුඩයක් ද?

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රජ්නාත් සිං සැප්තැම්බර් 08 සිට 10 දක්වා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු සමඟ ඉන්දීය ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ද පැමිණ සිටිති. එදිනම ඉන්දීය නාවික හමුදාවේ INS Udaygiri නවීන යුද නෞකාව කොළඹ වරායට පැමිණියේය.

මේ සිදුවීම් දෙක අතර සෘජු සම්බන්ධයක් ඇති බව ඉන්දීය හෝ ශ්‍රී ලංකා බලධාරීන් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැත. එහෙත් ඒවා දෙකම එකම දිනක සිදුවීම නොසලකා හැරිය හැකි තරම් සාමාන්‍ය සිදුවීමක් ද නොවේ.

Udaygiri හදිසියේ කොළඹට එවූ නෞකාවක් ද?

මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී වැදගත්ම කරුණ වන්නේ INS Udaygiri නෞකාවේ මෑත ගමන් ඉතිහාසයයි.

උදයිගිරි යනු ඉන්දියාවේම නිර්මාණය කර ඉදිකළ නවීන stealth frigate යුද නෞකාවකි. 2026 ජූනි මාසයේදී උදයිගිරි සහ කවරට්ටි නෞකා ඉන්දීය නැගෙනහිර නාවික බලඇණිය සිදුකළ කලාපීය නාවික මෙහෙයුමක කොටසක් ලෙස වියට්නාමයට ගොස් තිබිණි. ඉන් අනතුරුව උදයිගිරි, කවරට්ටි සහ ශක්ති නෞකා තායිලන්තයේ සට්ටාහිප් වෙත ද ගමන් කළේය.

එම මෙහෙයුම් පිළිබඳ ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිල නිවේදනවලින් පැහැදිලි වන්නේ මේවා හුදෙක් වරායට පැමිණ ඉන්ධන හා සැපයුම් ලබාගැනීමේ ගමන් නොවන බවය. නාවික හමුදා අතර වෘත්තීය දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීම, මෙහෙයුම් මට්ටමේ සහයෝගීතාව වර්ධනය කිරීම සහ අවශ්‍ය අවස්ථාවක දෙරටේ නාවික හමුදාවන්ට සම්බන්ධීකරණයෙන් එක්ව මෙහෙයුම් කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් පුළුල් කලාපීය නාවික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහනක කොටසක් ලෙස ඒවා ක්‍රියාත්මක විය. එම වැඩසටහන ඉන්දියාවේ ‘මහා සාගර්’ සාගරික දැක්ම සමඟ ද සෘජුව සම්බන්ධ කර තිබේ.

ඒ අනුව උදයිගිරි අද හදිසියේ රජ්නාත් සිංගේ ගමන වෙනුවෙන් ඉන්දියාවෙන් පිටත් කර කොළඹට එවූ බවට දැනට සාක්ෂි නැත.

එහෙත් දිනය වැදගත්ය

අනෙක් අතට රජ්නාත් සිංගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ නිල නිවේදනයේ භාවිත කර ඇති වචන ද අවධානයට ගත යුතුය. එහි ශ්‍රී ලංකාව සමඟ සබඳතාව විස්තර කර ඇත්තේ කලාපීය ආරක්ෂාව, ආරක්ෂක සහයෝගීතාව, ආර්ථික හා වෙළෙඳ සහයෝගීතාව මෙන්ම ශක්තිමත් සාගරික හා ආරක්ෂක හවුල්කාරිත්වයක් මත ගොඩනැගුණු සබඳතාවක් ලෙසය.

ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්” ප්‍රතිපත්තිය සහ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ‘මහා සාගර්’ දැක්ම ද එම නිවේදනයේ විශේෂයෙන් සඳහන් කර තිබේ.

ඒ අනුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා කොළඹදී ශ්‍රී ලංකාවේ ඉහළම දේශපාලන හා ආරක්ෂක නායකත්වය හමුවන විට, එම දිනයේම ඉන්දියාවේ නවීන යුද නෞකාවක් කොළඹ වරායේ තිබීම විසින් එම දේශපාලන පණිවුඩයට ඉතා ප්‍රබල දෘශ්‍යමය මානයක් එක් කරයි.

මෙය බලය ප්‍රදර්ශනය කිරීමක් (show of force) ද?

එසේ කීමට ද දැනට සාක්ෂි ප්‍රමාණවත් නැත.

උදයිගිරි නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති තොරතුරු අනුව, එහි සංචාරයට ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සුහදත්වය වර්ධනය කිරීමේ වැඩසටහන්, වෘත්තීය දැනුම හා අත්දැකීම් හුවමාරුව, නෞකාවේ මෙහෙයුම් හැකියාවන් නිරීක්ෂණය කිරීම සහ නෞකාව තුළ පැවැත්වෙන පුහුණු වැඩසටහන් ඇතුළත් වේ. එබැවින් එය ශ්‍රී ලංකාවට හෝ තුන්වන රටකට එරෙහිව සිදුකරන හමුදාමය බලය ප්‍රදර්ශනය කරමින් රාජ්‍යතාන්ත්‍රික පණිවුඩයක් ලබාදීමක් බව ප්‍රකාශ කිරීමට දත්ත නොමැත.

එහෙත් නාවික රාජ්‍යතාන්ත්‍රිකත්වයේදී යුද නෞකාවක් යනු හුදෙක් ප්‍රවාහන මාධ්‍යයක් නොවේ. විශේෂයෙන් නවීන සතුරු රේඩාර් පද්ධතිවලට හඳුනාගැනීමේ හැකියාව අවම වන අයුරින් නිර්මාණය කළ නවීන stealth frigate වර්ගයේ යුද නෞකාවක් විදේශ වරායකට යැවීමෙන් රටක තාක්ෂණික හැකියාව, නාවික බලය, සමුද්‍රීය පැවැත්ම සහ හවුල්කාරීත්වයට ඇති සූදානම ද ප්‍රදර්ශනය වේ. ඒ අර්ථයෙන් උදයිගිරි කොළඹ සිටීම ද රාජ්‍යතාන්ත්‍රික පණිවුඩයකි.

තවත් වැදගත් සම්බන්ධයක්

උදයිගිරි ශ්‍රී ලංකාවට නුහුරු නෞකාවක් ද නොවේ. 2025 නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර නාවික පෙළපාලියට සහභාගී වීම සඳහා ඉන්දියාවේ ‘වික්‍රාන්ත්’ ගුවන් යානා ප්‍රවාහන නෞකාව සමඟ ‘උදයගිරි’ නෞකාව ද කොළඹට පැමිණ තිබිණි.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල වූ අවස්ථාවේ එම නෞකා දෙක ශ්‍රී ලංකාවේ සහන හා ගලවාගැනීමේ කටයුතු සඳහා ද යොදාගනු ලැබීය. එබැවින් ‘උදයගිරි’ යනු ශ්‍රී ලංකාවට ආගන්තුක නෞකාවක් නොවන අතර, මෑත කාලයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වර්ධනය වෙමින් පවතින සාගරික හා ආරක්ෂක සහයෝගීතාව තුළ දැනටමත් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කර ඇති නෞකාවකි.

එසේ නම් අහම්බයක් ද? සැලසුමක් ද?

දැනට ප්‍රසිද්ධියට පත් කර ඇති නිල තොරතුරු මත පිහිටා මේ ප්‍රශ්නයට දිය හැකි වඩාත් නිවැරදි පිළිතුර වන්නේ, ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රජ්නාත් සිංගේ ශ්‍රී ලංකා සංචාරය සහ ‘උදයගිරි’ නෞකාව කොළඹ වරායට පැමිණීම එකම සැලසුමක කොටස් දෙකක් බව තහවුරු කිරීමට ප්‍රමාණවත් නිල සාක්ෂි මෙතෙක් නොමැති බවය.

අනෙක් අතට, යුද නෞකාවක විදේශ වරාය සංචාරයක් හදිසියේ තීරණය කර ක්‍රියාත්මක කළ හැකි කටයුත්තක් නොවේ. එවැනි සංචාරයක් සඳහා අදාළ රටවල රාජ්‍යතාන්ත්‍රික අවසර, නාවික හමුදා අතර පූර්ව සම්බන්ධීකරණය, වරාය පහසුකම්, ආරක්ෂක විධිවිධාන, නෞකාවට අවශ්‍ය සැපයුම් සහ නාවික කාර්ය මණ්ඩලය සඳහා සැලසුම් කළ වැඩසටහන් ඇතුළු කරුණු රැසක් කල්තියා සූදානම් කළ යුතුය.

එබැවින් ‘උදයගිරි’ නෞකාව කොළඹ වරායට පැමිණීම හදිසියේ ගත් තීරණයක ප්‍රතිඵලයක් ලෙස සැලකිය නොහැක. එය පූර්ව සැලසුමක් සහ දෙරටේ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය මත සිදුවූ සංචාරයක් බව පැහැදිලිය. එහෙත් එම පූර්ව සැලසුම රජ්නාත් සිංගේ ශ්‍රී ලංකා සංචාරය සමඟ හිතාමතා සම්බන්ධ කර තිබුණේ ද යන්න වෙනම තහවුරු කළ යුතුව තිබේ.

එබැවින් මෙය “අහම්බයක්” බව ප්‍රකාශ කිරීමත්, “ඉන්දියාව හිතාමතා යුද නෞකාවක් ආරක්ෂක ඇමතිවරයා සමඟ එවා තිබේ” යැයි ප්‍රකාශ කිරීමත් දෙකම දැනට පවතින සාක්ෂි ඉක්මවා යන නිගමන වේ.

නමුත් දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික අර්ථයෙන් බැලූ විට එක් කරුණක් පැහැදිලිය. වසර 38කට පසු ඉන්දීය ආරක්ෂක ඇමතිවරයකු කොළඹට පැමිණෙන මොහොතේ, ඉන්දියාවේ නවීන යුද නෞකාවක් ද කොළඹ වරායේ රැඳී සිටීම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වේගයෙන් වර්ධනය වන ආරක්ෂක හා සාගරික හවුල්කාරිත්වයේ ප්‍රබල සංකේතයක් බවට පත්ව ඇත.

එය සැලසුම් කළ සංකේතයක් ද, නැතහොත් වෙන වෙනම සැලසුම් කළ වැඩසටහන් දෙකක් එකම දිනයක හමුවීමෙන් නිර්මාණය වූ සංකේතයක් ද යන්න තවමත් විවෘත ප්‍රශ්නයකි. එහෙත් රාජ්‍යතාන්ත්‍රිකත්වයේදී ඇතැම්විට වැදගත් වන්නේ සංකේතයක් නිර්මාණය කළේ කෙසේද යන්නට වඩා, එය පිටතට කියවන ආකාරයයි.

සැප්තැම්බර් 08 වැනිදා කොළඹදී කියවීමට ලැබෙන පණිවුඩය පැහැදිලිය. එනම්, ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ ඇති සම්බන්ධතාව තුළ සාගරික ආරක්ෂාව සහ ආරක්ෂක හවුල්කාරිත්වය ප්‍රමුඛව ඉදිරියට ගෙන එමින් සිටින බවයි.