UNDPයෙන් ලැබුණු රුපියල් කෝටි 2.9ක උපකරණ 1990 සුවසැරිය භාවිතයට නොගෙන පසෙකට කරලා
2026 වර්ෂයේ මාර්තු මස වනවිටත් සුවසැරිය පදනම විසින් අදාළ ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට කටයුතු කර නොමැති අතර, ඒ හේතුවෙන් මෙම උපකරණ සමූහය කිසිදු ප්රයෝජනයකට නොගෙන ගබඩා කර තබා ඇති බව සඳහන් වේ
LSN Sri Lanka ·
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් 1990 සුවසැරිය පදනම වෙත ලබාදුන් රුපියල් දෙකෝටි අනූපන්ලක්ෂ අසූපන්දහස් පන්සියයක් (29,585,500) වටිනා ටැබ් පරිගණක සහ මුද්රණ යන්ත්ර තවමත් භාවිතයට නොගෙන නිෂ්කාර්යව පවතින බව අනාවරණය වී තිබේ.
</p>
<p>
කෘත්රිම බුද්ධි (AI) තාක්ෂණය යොදාගනිමින් ක්රියාත්මක කිරීමට නියමිතව තිබූ හදිසි ගිලන්රථ ව්යාපෘතිය වෙනුවෙන් 2023 වර්ෂයේදී මෙම උපකරණ පරිත්යාග කර ඇත. ඊට ටැබ් පරිඝණක 385ක් සහ මුද්රණ යන්ත්ර 250ක් ඇතුළත් වේ.
</p>
<p>
කෙසේ වෙතත්, 2026 වර්ෂයේ මාර්තු මස වනවිටත් සුවසැරිය පදනම විසින් අදාළ ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට කටයුතු කර නොමැති අතර, ඒ හේතුවෙන් මෙම උපකරණ සමූහය කිසිදු ප්රයෝජනයකට නොගෙන ගබඩා කර තබා ඇති බව සඳහන් වේ.
</p>
<p>
පරිත්යාගශීලීන්ගෙන් ලැබෙන මෙවැනි ආධාර සහ පරිත්යාග විධිමත්ව හා ඵලදායී ලෙස භාවිත කිරීමට කටයුතු කළ යුතු බව විගණනය මගින් නිර්දේශ කර ඇත. 1990 සුවසැරිය පදනම සම්බන්ධයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාවෙහි මේ පිළිබඳ තොරතුරු සඳහන් කර තිබේ.