USD බිලියන 1කට වැඩි මුදලක් නීතිවිරෝධී ලෙස විදේශයන්ට යැවූ ව්‍යාපාරිකයා සහ බැංකු නිලධාරීන් 4 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1කට අධික මුදලක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් බැහැරට යැවීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ව්‍යාපාරිකයා සහ පෞද්ගලික බැංකු නිලධාරීන් සිව්දෙනා ලබන සැප්තැම්බර් මස 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
LSN Sri Lanka ·

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බොදරගම විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.

එමෙන්ම අදාළ බැංකු නිලධාරීන් සිව්දෙනා වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීම් ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය කටයුතු කළේය.

භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1කට අධික මුදලක් නීතිවිරෝධී ලෙස රටින් පිටතට මාරු කිරීම සහ එකී ගනුදෙනු සඳහා අනුබලදීම මෙන්ම සහාය දැක්වීම යන චෝදනා සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරනු ලබයි.