“ViYASA” ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය විවෘත කෙරේ: කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක ඇරඹුමක්!
මෙම මධ්‍යස්ථානය අද (22) පෙරවරුවේ විවෘත කෙරුණේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන අයගේ ප්‍රධානත්වයෙනි.
LSN Sri Lanka ·

මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයකට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ආයෝජන සහ කර්මාන්ත ආශ්‍රිතව රාජ්‍ය ආයතන අතර පවතින පාලන සහ නියාමන බාධා ඉවත් කර එම ක්‍රියාවලි වේගවත් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත “ViYASA” ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම මධ්‍යස්ථානය අද (22) පෙරවරුවේ විවෘත කෙරුණේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන අයගේ ප්‍රධානත්වයෙනි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයකට අනුව කර්මාන්ත ක්ෂේත්‍රයේ ධනාත්මක පරිවර්තනයක් සිදුකිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සහ එය පවත්වාගෙන යාමේදී රාජ්‍ය යාන්ත්‍රණය සමග ඇති වන ගැටලු සඳහා විසඳුම් ලබා දීමටත්, අදාළ රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය වෙමින් අවශ්‍ය පහසුකම් සලසා දීමටත් මෙම මධ්‍යස්ථානය මගින් කටයුතු කරනු ඇත.

“ViYASA” ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, අංක C-80 ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇති අතර එහි ප්‍රධානී ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලි අරුක්ගොඩ කටයුතු කරයි.

ඊට සමගාමීව https://nbfc.presidentsoffice.gov.lk නිල වෙබ් අඩවිය විවෘත කිරීමද මෙහිදී සිදු විය.