LSN News › Sri Lanka

වැලිගම W15 වෙඩිතැබීම: හිටපු පොලිස්පති දේශබන්ධු ඇතුළු නවදෙනෙකුට අධිචෝදනා භාරදෙයි!

LSN Sri Lanka · 7 October 2026

වැලිගම W15 වෙඩිතැබීම: හිටපු පොලිස්පති දේශබන්ධු ඇතුළු නවදෙනෙකුට අධිචෝදනා භාරදෙයි!

වැලිගම W15 හෝටලය අසල සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව, හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ඇතුළු අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මාතර මහාධිකරණය හමුවේ අධිචෝදනා අද (07) අධිචෝදනා භාර දුන්නේය.

අනතුරුව සිද්ධියට අදාළ චෝදනා ලබා සිටින චූදිතයන් නව දෙනා ඇප මත මුදා හැරීමට ද මාතර මහාධිකරණය නියෝග කළේය.

එමෙන්ම, මුදල් ඇප ගෙවා නිම කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස වූ චූදිතයන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බැලූ අධිකරණය, ඒ සඳහා වෙනත් දිනයක් ලබා දීමට ද පියවර ගත්තේය.

2023 වසරේ දෙසැම්බර් මස 31 වන දින රාත්‍රී කාලයේ විශේෂ මෙහෙයුමක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD) අනුයුක්ත පොලිස් නිලධාරීන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෑන් රථයකින් වැලිගම ප්‍රදේශයට ගොස් මෙම වෙඩි තැබීම සිදු කර තිබුණි.

පසුව, 2025 පෙබරවාරි මස 28 වන දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් එවකට පොලිස්පතිවරයාව සිටි දේශබන්ධු තෙන්නකෝන් ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට ගෙන සැකකරුවන් ලෙස නම් කිරීමට නියෝග කරන ලදී.

එලෙස මුලින් නම් කෙරුණු අට දෙනා අතරට;

• දේශබන්ධු තෙන්නකෝන්

• එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා

• පොලිස් පරීක්ෂක මහේෂ් දුනුසිංහ

• පොලිස් පරීක්ෂක ජගාත් නිශාන්ත

• උප පොලිස් පරීක්ෂක රොෂාන් මධුරංග

• පොලිස් සැරයන් ප්‍රසන්න කුමාර

• පොලිස් කොස්තාපල් සුපුන් ප්‍රියශාන්

• රියදුරු පොලිස් කොස්තාපල් ගිහාන් පියතිස්ස

යන නිලධාරීහු ඇතුළත් වූහ.

මෙම මෙහෙයුමට එක්ව සිටි පොලිස් සැරයන් උපුල් චමින්ද කුමාර නැමැති නිලධාරියා, වැලිගම පොලීසියෙන් එල්ල වූ ප්‍රතිප්‍රහාර හමුවේ වෙඩි වැදී මියගොස් තිබුණි.

පසුව, මෙම විමර්ශනවලට අදාළව එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා ද අධිකරණයට භාර වීමෙන් අනතුරුව මෙම සිද්ධියේ නවවන සැකකරු බවට පත්විය.