LSN News › Sri Lanka

ශ්‍රව්‍යාබාධිත ජනතාව වෙනුවෙන් WhatsApp හරහා 119 හදිසි ඇමතුම් සේවාව හෙට සිට වැඩ අරඹයි!

119 හදිසි ඇමතුම් අංශයේ රාජකාරියේ නිරත සංඥා භාෂාව පිළිබඳ විශේෂ දැනුමක් සහිත පොලිස් නිලධාරියෙකු විසින් අදාළ වීඩියෝ ඇමතුමට කඩිනමින් ප්‍රතිචාර දක්වනු ඇත.

LSN Sri Lanka · 9 September 2026

ශ්‍රව්‍යාබාධිත ජනතාව වෙනුවෙන්  WhatsApp හරහා 119 හදිසි ඇමතුම් සේවාව හෙට සිට වැඩ අරඹයි!

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙත WhatsApp තාක්ෂණය හරහා 119 පොලිස් හදිසි ඇමතුම් සේවාව වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමේ විශේෂ වැඩසටහන හෙට සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ.

මෙම විශේෂ පහසුකම සඳහා ඉදිරියේ දී කෙටි දුරකථන අංකයක් හඳුන්වා දීමට නියමිත අතර, එය හඳුන්වා දෙන තෙක් 0112 80 99 80 යන දුරකථන අංකය WhatsApp හරහා භාවිත කරමින් පැමිණිලි යොමු කිරීමේ හැකියාව ශ්‍රව්‍යාබාධිත ජනතාවට හිමිවේ.

සංඥා භාෂා නිලධාරීන්ගෙන් කඩිනම් ප්‍රතිචාර

119 හදිසි ඇමතුම් අංශයේ රාජකාරියේ නිරත සංඥා භාෂාව පිළිබඳ විශේෂ දැනුමක් සහිත පොලිස් නිලධාරියෙකු විසින් අදාළ වීඩියෝ ඇමතුමට කඩිනමින් ප්‍රතිචාර දක්වනු ඇත. ලැබෙන තොරතුරුවලට අනුව, සිද්ධිය වූ ස්ථානයට ආසන්නතම පොලිස් ස්ථානයේ නිලධාරීන් වහාම ක්‍රියාත්මක කරවා අදාළ ගැටලුවට විසඳුම් ලබා දීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.

සේවාව ලබාගන්නා ආකාරය

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට මෙම පහසුකම ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය ද ශ්‍රී ලංකා පොලිසිය විසින් පැහැදිලි කර ඇත:

පළමුව 0112 80 99 80 දුරකථන අංකය ඔබේ ජංගම දුරකථනයේ සුරක්ෂිත (Save) කරගන්න.

අනතුරුව WhatsApp හරහා එම අංකයට සාමාන්‍ය දුරකථන ඇමතුමක් (Voice Call) ලබා ගන්න.

එම අවස්ථාවේ දී ඇමතුම ස්වයංක්‍රීයව විසන්ධි වී, ඔබේ දුරකථනයට විශේෂ සබැඳියක් (Link) ලැබෙනු ඇති.

ලැබුණු සබැඳිය (Link) මත ක්ලික් කර නැවත WhatsApp වෙත පිවිසෙන්න.

එහි ඇති 'Join Browser' ක්ලික් කර, පසුව 'Join Meeting' වෙත පිවිසීමෙන් 119 හදිසි ඇමතුම් අංශය හා සාර්ථකව සම්බන්ධ විය හැක.

පසුගිය සැප්තැම්බර් 03 වනදාට යෙදී තිබූ 160 වන පොලිස් දිනයට සමගාමීව, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවගේ පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් මෙම විශේෂ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.