රඹෑවේ බස් අනතුර: පීඩාවට පත්වූවන් උදෙසා ගුවන් හමුදා Y-12 යානයක් අනුරාධපුරයට...
ජනාධිපති අනුර කුමාර දිසානායක ලබා දුන් විශේෂ උපදෙස් මත හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස මෙලෙස මෙම Y-12 යානය අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙත යොමු කර තිබේ.
LSN Sri Lanka ·

රඹෑව, වැලිඔය හංදිය අසලදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ දෙකක් සහ පෞද්ගලික බස්රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු බරපතල අනතුරින් පිඩාවට පත්වූවන් විශේෂ ප්‍රතිකාර සඳහා ප්‍රවාහනයට අවශ්‍ය වුවහොත් වෙනත් ප්‍රධාන රෝහලක් වෙත රැගෙන යෑම වෙනුවෙන් ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ගුවන් යානයක් අද (10) පස්වරු 2.10 ට අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙත එවා ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක ලබා දුන් විශේෂ උපදෙස් මත හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස මෙලෙස මෙම Y-12 යානය අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙත යොමු කර තිබේ.
රත්මලාන මූලික ගුවන් හමුදා කඳවුරේ සිට මෙම යානය යොමු කර තිබිණි.